ගෝල්ෆේස් අරගලය තව දුර ගෙනියන්න බැහැ – අනුර කුමාර දිසානායක

 

ගොල්ෆේස් අරගලය එම ආකාරයෙන් තව දුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, අඩියක් පස්සට ගන්නට සිදුවන බව තේරුම් ගත යුතු බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

නොවැම්බර් දෙවැනි දා අරගලයට නොයන්නේ ඇයිදැයි ඊට පෙර දින කිහිපයේ දී බොහෝ දෙනා තමන්ගෙන් විමසු නිසා ඔවුන්ට පිළිතුරු දීමට තමන්ට සිදු වී තිබුණු බවත්, එසේ වුවත් දෙවැනිදා ඒ සියල්ලට පිළිතුරු එහි සංවිධායකයින් විසින් ම ලබා දුන් බවත්, ඒ මහතා කියයි.

අරගලයක් සඳහා පැහැදිලි අරමුණක් සහ සැලසුමක් තිබිය යුතු බව කී දිසානායක මහතා වැඩි දුරටත් කීවේ නොවැම්බර් 2 දා අරගලයට එවැනි කිසිවක් නොතිබූ බවයි.

හෝමාගම පැවති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතා ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *