නව මැතිවරණ ක්‍රම එපා ; අවශ්‍ය මැතිවරණයක් පමණයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතාවට අවශ්‍ය මැතිවරණයක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

නව මැතිවරණ ක්‍රමයක් ජනතාවට අවශ්‍ය නැති බව ද ඒ මහතා කියයි.

ආණ්ඩුව මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීමට යන්නේ මැතිවරණ කල් දැමීමට බව කී විපක්ෂ නායකවරයා සමාජවාදියකු වන  මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා එයට සහාය නොදිය යුතු බව ද කීය.

නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *