පුර්නජනනීය බලශක්තියට කෙලවන්න විදුලි මාපියාවෙන් ලෙඩ ගොඩක්

පුර්නජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් සපයන විදුලියට මුදල් ගෙවීම දිගින් දිගට ප්‍රමාද කිරීමත්, නව ව්‍යාපෘති සඳහා ඉටු කළ නොහැකි කොන්දේසි පැනවීමත් මගින් ඒවා අධෛර්යමත් කරමින් ලබන වසරේ සිට යලි හදිසි විදුලි මිල දී ගැනීමේ සැලැස්මක් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි මාෆියාව විසින් ක්‍රියාවට නංවා  ඇති බව එම ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර් ග කියයි.

මණ්ඩලයට විදුලිය නිතිපතා සපයන කුඩා ජල විදුලි ව්‍යාපෘති ඇතුළු පුනර් ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල සැපයුම් සඳහා 2021 නොවැම්බර් මාසයෙන් පසු මුදල් ගෙවා නැති අතර එම ව්‍යාපෘති හිමියන්ට තම බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් සියලු දෙනා ම පාහේ බැංකුවලින් යළි කිසිදු ණයක් හෝ පහසුකමක් ලබාගත නොහැකි වන සේ අසාදු ලේඛන ගත වී තිබේ. එමෙන් ම එම ආයතනවල ලක්ෂ ගණනක් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වීමෙන් ඔවුන් බරපතළ ලෙස පීඩාවට පත් වී ඇතැයි වාර්තා වෙයි.

මේ අතර නව ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් කිරීම අති විශාල කාර් ය සාධන බැඳුම්කර ඉල්ලීමේ නව කොන්දේසි පනවා ඇති අතර එබැවින් එම ගිවිසුම් අත්සන් කළ නොහැකි වී තිබේ.

විදුලිබල පනතේ වගන්තියක් මුල් කරගෙන 2015 සිට මේ දක්වා කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ විදුලි මාෆියාවට එම පනත පසුගිය දා සංශෝධනය කිරීමත් සමග ගිවිසුම් අත්සන් කිරීමට සිදු වී ඇති නමුත් මෙම අලුත් කොන්දේසි පැනවීම මගින් ඔවුන් නැවත වරක් ගිවිසුම් අත්සන් නොකර සිටීමට අවස්ථාව සලසාගෙන ඇත.

මේ අතර පසුගිය කාලයේ මෙම ප්‍රශ්න ගැන කතා කළ ඇතැම් සංගම්වල ප්‍රධානීන්ට වෙනත් බලශක්ති ව්‍යාපෘතිවල අතරමැදියන් සහ උපදේශකයින් ලෙස කටයුතු කිරීමට අවස්ථා සලසා සියුම් ලෙස එම පිරිස ද නිහඬ කර ඇති බවට ද චෝදනා නැගී තිබේ.

මේ සියල්ල සිදු කරන අතර ලබන වසරේ සිට නැවත වරක් ඩීසල් බලාගාර වලින් හදිසි විදුලි මිල දී ගැනීමට ද විදුලි මාෆියාව කටයුතු කරමින් සිටින බවට වාර් තා වී තිබේ.

මොවුන්ගේ බලපෑම් නිසා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම ද ප්‍රමාද වී ඇතැයි කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *