රුපියලේ අගය ඉහළ යෑම වළක්වන්න මහ බැංකුව ඩොලර් මිලට ගනී !

කලක් තිස්සේ ශ්‍රි ලංකාවට පැවති ගෙවුම් ශේෂ ප්‍රශ්නය නිමාකරමින් ප්‍රමාණයටත් වඩා විදේශ විණිමය ලැබීම නිසා රුපියගෙල් අගය ඉහළ යෑම වැළැක්වීම සඳහා වෙළඳ පොළෙන් ඩොලර් මිල දී ගැනිමට ශ්‍රි ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බව වාර්තාවේ. මෙලෙස ජූනි මාසයේ සිට මහ බැංකුව මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 600කි. මෙය මහ බැංකුව මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙල කනපිට හැරවීිමක් බව නිරික්ෂකයෝ කියති. විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රි ලංකාව රුපියලේ අගය රැක ගැනීමට ඩොලර් විකිණිම මහ බැංකුව මෙතෙක් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියයි.
කෙසේ වෙතත් මෑතක සිට රටට විදේශ විනිමය ලැබෙමින් පවතින නිසා රුපියලේ අගය ඉහළ යන තත්ත්වයක් පවතින බව කියති. එහෙයින් අපනයන තරගකාරිත්වය අඩුවිය හැකි නිසා මහ බැංකුව ඩොලර් මිල දී ගනිමින් රුපියලේ අගය ස්ථාවර අගයකින් පවත්වාගෙන යෑමට තීරණය කොට ඇති බව පෙනී යන්නේ යැයි ආර්ථික විශ්ලේෂකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *