අමාත්‍යංශ හතරක් ජනාධිපති යටතට – අති විශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශ හතරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මුදල්, තාක්ෂණ, ආයෝජන ප්‍රර්වධන, කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශ තවදුරටත් ජනාධිපතිවරයා යටතේ පවතින බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉහත දක්වා ඇති අමාත්‍ය ධූර තමා භාරයේ තිබිය යුතු බවට තීරණය කර ඇති බව ගැසට් නිවේදනයේ දැක්වේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ පසුගිය දා සම්මත වූ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකුල වන ආකාරයෙනි.

මෙම අමාත්‍යාංශ හතරට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා යටතේ පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *