ඔවුහු අරගලය ඉවර ම කළෝය – සී ජේ අමරතුංග  

 

පසුගිය කාලයේ අපට නිතර අසන්නට ලැබුණු කතාවක් නම් ‘අරගලය ඉවර නෑ ‘ යන්නයි. ඒ කිව්වේ අරගලයේ තවත් කෑල්ලක් ඉතිරිව තිබෙන බව යි. බොහෝ දෙනා  බලා සිටියේ එම ඉතුරු කෑල්ල පැමිණෙන තෙක් ය. කෙසේ වෙතත්, පසුගිය 2 දා අපට දකින්න ලැබුණේ විපක්ෂයේ පක්ෂ ගණනාවක් සහ වෘත්තීය සමිති රාශියක් ද එකතු වී අරගලය ඉවර ම කර දැමු බව යි.

ජනතාව පාරට බැස්සේ ගෝටා ගෝ කියාගෙන ය. පසුව එයට මයිනා ගෝ, කපුටා ගෝ වැනි අතුරු සටන් ද සම්බන්ධ වී ය. මයිනා ගියේ විනාශයක් ද කරමිනි. පසුව කපුටා ද ගියේ ය.

එකවරම නොගිය ගෝටා මැයි 12 දා කීවේ තමන් බලය පාර් ලිමෙන්තුවට පවරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන බව යි. ඒ සමග අගමැති ලෙස රනිල් පත්කරන ලද්දේ එම වගකීම ගන්නට කිසිවකු ඉදිරිපත් නොවූ තත්ත්වයක් තුළ ය. ජනතාව ප්‍රපාතයේ නොදමා වැල් පාලමෙන් එගොඩ කරන්නට උත්සහ දරන බව රනිල් කීවේය. අරගලයේ සිටි ජනයාගෙන් සැලකිය යුතු කොටසක් ගෙදර ගියේ එම තත්ත්වය තුළ ය.

කෙසේ වෙතත්, පසුව ගෝටා කීවේ තමන්ට එහෙම යන්න බැරි බව යි. වැල් පාලමෙන් රනිල් පෙරලන්නට ධම්මික පෙරේරා ද ගෙනාවේය. ඒ වන විටත් රනිල් යමක් කර තිබුනත් පෙනෙන්නට තිබුණේ ඔහුගේ ද කකුලින් අදින්නට ගෝටා සුදානම් බවකි.

පසුව ගෝටා කීවේ තමන්ට එහෙම යන්න බැරි බව යි. වැල් පාලමෙන් රනිල් පෙරලන්නට ධම්මික පෙරේරා ද ගෙනාවේය. ඒ වන විටත් රනිල් යමක් කර තිබුනත් පෙනෙන්නට තිබුණේ ඔහුගේ ද කකුලින් අදින්නට ගෝටා සුදානම් බවකි.

ගෝටා ගෝ කියූ ජනතාව ආරුඩ වී නැවත පැමිණියේ ඒ මොහොතේ ය. ඒ අතර අරගලයට ජැක් ගසා සිටි විපක්ෂයේ පිරිසකට අවශ්‍ය වුයේ ගෝටා සමග රනිල් ද යවන්නට ය. එසේ කරන්න හැදුවේ වගකීම් භාරගන්නට ද කිසිවකු නැතිව ය. සමහරු කිව්වේ රාජපක්ෂලා සිටින තෙක් බැරි බව යි. නැතහොත් ඡන්දයක් අවශ්‍ය බව යි. ඒ කියන්නේ වගකීම් ගන්නට නම් කෝඳුරු තෙල් හත් පට්ටයක් අවශ්‍ය බව යි.

මේ කට්ටිය තමන්ගේ කරින් බලයට එන්නට හදනවා විනා තමන්ගේ ප්‍රශ්න ගැන සංවේදී නැති බව තේරුම් ගත් ජනතාව ගෝටා ගෙදර යවා ගෙදර ගියෝය. ජනතාවගේ මේ මොහොතේ අරගලය එතනින් අවසන් වීය. ඒ ඔවුන්ට අරාජිකත්වයක් හෝ බල ලොබී දේශපාලනඥයන්ගේ අරමුණු ඉටුකර දීම හෝ අවශ්‍ය නොවූ නිසා ය.

ජනතාව අරගලයට පැමිණි විට අරගලය ඉදිරියෙන් සිට ගන්නට පැමිණි ඇතැම් පිරිස් සිතා සිටියේ ජනතාව තමන් පිටුපසින් පැමිණෙන බව යි. තමන් අරගලයේ නායකයින් වී ඇතැයි සිතු එම පිරිස තමන්ට ජනතාව සටනට කැඳවිය හැකි යයි සිතා සිටියහ. එබැවින් ඔවුහු රනිල් එලවන්නට ජනතාව කැඳවීමට උත්සහ කළහ. වරක් නොව කිහිප වරක් කැඳවීම් කළ ද ජනතාව පැමිණියේ නැත. පැමිණියේ ඔවුන්ගේ පක්ෂ කණ්ඩායම්වල කාඩරය පමණකි.

එයින් පෙනී ගියේ පොදු ජනතාවගේ අරගලය අවසන් බවයි. ඔවුන් රනිල්ට අවස්ථාවක් දෙන්නට තීන්දු කොට ඇති බවයි.

කෙසේ වෙතත්, විපක්ෂය දිගට ම කීවේ රනිල්ගේ ආණ්ඩුවට භුමියේ සහයක් නැති බව යි. භුමියේ යථාර්ථය වෙනස් බව පුන පුනා කියූ ඔවුන් කීවේ ‘අරගලය අවසන් නැති’ බවයි.

ඇතැම් විපක්ෂ නායකයින් කීවේ ජනතාව සුනාමියක් ලෙස නැගිට විත් රනිල්ගේ ආණ්ඩුව ගෙදර යවන බව යි. ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩාවට පත්ව සිටින ජනයා එවැනි තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බව ද  ඇතැම් විට විශ්වාස කෙරෙන්නට ඉඩ තිබිණි.

ජනතාව නැතිව සටන් කරන්නට ගිය ඇතැම් කණ්ඩායම්වලට ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන්නට සිදුවිය. හරි වැරැද්ද කුමක් වුවත්, රනිල් කල්පනා කළ බව පෙනෙන්නට තිබුණේ තමන් භාරගත් අභියෝගය ජය ගැනීමට කෙසේ හෝ ක්‍රියා කළ යුතු බව යි. එය කඩා කප්පල් කිරීමට විවිධ දේශපාලන අරමුණු ඇති පිරිස්වලට ඉඩ නොදෙන්නට අවශ්‍ය පියවර ගැනීම ඔහුගේ පිළිවෙත වී තිබේ.

ජනතාව නැතිව සටන් කරන්නට ගිය ඇතැම් කණ්ඩායම්වලට ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන්නට සිදුවිය. හරි වැරැද්ද කුමක් වුවත්, රනිල් කල්පනා කළ බව පෙනෙන්නට තිබුණේ තමන් භාරගත් අභියෝගය ජය ගැනීමට කෙසේ හෝ ක්‍රියා කළ යුතු බව යි. එය කඩා කප්පල් කිරීමට විවිධ දේශපාලන අරමුණු ඇති පිරිස්වලට ඉඩ නොදෙන්නට අවශ්‍ය පියවර ගැනීම ඔහුගේ පිළිවෙත වී තිබේ.

ජනතාව නැතිව ජනතාව වෙනුවෙන් සටන් කරන්නට කියා තම තමන්ගේ දේශපාලනය රජ කරවන්නට උත්සහ දරන උදවිය ගැන ජනතාව වධ වුයේ නැත. ජනතව වෙනුවෙන් සටන් කළ තමන් මර්දනය කරද්දී ජනතාව නිහඬ බවට මැසිවිලි නගන්නට පෙරටුගාමී දුමින්ද නාගමුවලට සිදු වුයේ එහෙයිනි.

අරගලය අවසන් නැතැයි ඔවුන් කියන විට එයින් ඇත්ත වශයෙන් ම කියැවුණේ අරගලය තුළින් තමන් අපේක්ෂා කළ දේ තවමත් ඉටු නොවූ බවයි. ඔවුන්ට අනුව අරගලය අවසන් වන්නේ එයින් තමන්ගේ අරමුණු ඉටු වූ විට දී ය. සිදු වී නැත්තේ එය යි. ඒකට ජනතාවට කරන්නට දෙයක් නැත.

කොච්චර කිව්වත් ජනතාව නොඑන්නේ ජනතාවට එවන් අරමුණු නැති නිසා ය. ඔවුන්ට ඕනෑ වැටී සිටින වලෙන් ගොඩ යන්නට ය. පැහැදිලිව ම ජනතාව සිටින්නේ අතෘප්තියෙනි. කෝපයෙනි. එසේ වුව ද ,  යන්තම් පෝලිම් අවසන් වී , හිගව තිබු භාණ්ඩ ලැබෙන්නට පටන්ගෙන තිබිය දී, තමන්ට පැහැදිලි සහනයක් නොපෙනෙන ඊනියා අරගල කරන්නට ගොස් තියෙන ටිකටත් කෙලවා ගන්නට ජනතාවට අවශ්‍ය නැත. අරගලය ඉවර කරන්නට ජනතාව නාවේ ඒක ය.

භුමියේ තත්ත්වය පිළිබඳව මවාගත් සිහිනයක සිටි විපක්ෂයේ සහ වෘත්තීය සමිතිවල නායකයින් ඒකාබද්ධ සටනක් කැඳවන ලද්දේ එම තත්ත්වය තුළ ය. ඔවුන් කියා ගත්තේ එය දැවැන්ත සටනක් බවයි.

කෙසේ වෙතත්, මෙයට ජනතා සහභාගීත්වය ගැන සංවිධායකයින්ට ම ප්‍රශ්න තිබු බව මුල සිට ම පෙනෙන්නට තිබිණි. මුලින් එහි නායකත්වය ගත් විපක්ෂ නායක ඇතුළු සජබය පසුව එහි වගකීම වෘත්තීය සමිති නායකයින් වෙත පවරා ඇඟ බේරාගත් බවක් පෙනෙන්නට තිබිණි. ඔවුන් ක්‍රියා කළේ හරි ගියොත් සජිත්ගේ වැරදුනොත් ස්ටාලින්ගේ යන සැලසුමකට අනුව බව පෙනෙන්නට තිබිණි.

2 දා අරගලයේ නායකයින් ලෙස ක්‍රියා කළ නායකයින් කීවේ ජනතාව සමග එක් ව දැවැන්ත අරගලයක්ම් කරන බව යි. කෙසේ වෙතත්, එයට තමන්ගේ සාමාජිකයින් බහුතරයවත් ගෙන්වා ගන්නට නොහැකි වන බව ඇතැම් නායකයින්ට තේරුම් ගොස් තිබු බව පෙනෙන්නට තිබිණි. ඔවුන් වැටී සිටියේ අරගලයට සෙනග එවන්නැයි ඉල්ලමින් පක්ෂ ගානේ ගොස් කන්නලව් කරන කනගාටුදායක තත්ත්වයට ය.

 2 දා අරගලයේ නායකයින් ලෙස ක්‍රියා කළ නායකයින් කීවේ ජනතාව සමග එක් ව දැවැන්ත අරගලයක්ම් කරන බව යි. කෙසේ වෙතත්, එයට තමන්ගේ සාමාජිකයින් බහුතරයවත් ගෙන්වා ගන්නට නොහැකි වන බව ඇතැම් නායකයින්ට තේරුම් ගොස් තිබු බව පෙනෙන්නට තිබිණි. ඔවුන් වැටී සිටියේ අරගලයට සෙනග එවන්නැයි ඉල්ලමින් පක්ෂ ගානේ ගොස් කන්නලව් කරන කනගාටුදායක තත්ත්වයට ය.

අවසානයේ නොවැම්බර් 2 දා පා ගමන සිදුකරන ලද්දේ දේශපාලන පක්ෂ 20 ක සහ වෘත්තීය සහ බහුජන සංවිධාන 150 ක පමණ සහභාගීත්වයෙනි. විරෝධතාවය දෙස බලන විට පැහැදිලි වුයේ එය ආඬි හත්දෙනාගේ කැඳ හැලියක් වී ඇති බව යි. කවුරු කවුරුත් පෙනෙන්නට අත දමා තිබුණත් , කිසිවකු සහල් දමා තිබුණේ නැත.

අවසානයේ දකින්නට ලැබුණේ දැවැන්ත පොලිස් බල ඇණියකි . නිරායුදව බැටන් පොලුවත් අත නැතිව සිටි පොලිස් හමුදාවේ බාහු බලයට මුහුණ දීමට ප්‍රමාණවත් පිරිස් බලයක් නැතිව අරගලයේ නායකයින් එකිනෙකා කුලල් කා ගන්නා ආකාරය රටට ම දැකගත හැකි වී ය.විපක්ෂ නායකයාට එල්ල වූ හුව එහි එක ප්‍රකාශනයක් පමණකි.

දැන් සමහරු කියන්නේ කොච්චර වුණත් වැඩේ සාර්ථක බව යි. වමේ සිට දකුණට විපක්ෂයේ පක්ෂ එකතුවීම ම ජයග්‍රහණයක් බව ඔවුහු කියති. වැඩේ අවසන් වුයේ මෙම කණ්ඩායම්වලට එකතු වී තවත් විශාල වැඩක් කරන්නට ඉඩ සලසමින් නම් ඒ කතාව ඇත්තකි. එසේ වුව ද, දැන් සිදුව තිබෙන්නේ යලි එක්තැන් කළ නොහැකි තරමට මෙම බලවේග භේද බින්න වීම යි. නිර්මාණය වී ඇත්තේ පක්ෂ ඇතුලේ ම කචල් තත්ත්වයකි. ඇත්ත මහ පොලවේ තත්ත්වය එය යි.

දැන් සමහරු කියන්නේ කොච්චර වුණත් වැඩේ සාර්ථක බව යි. වමේ සිට දකුණට විපක්ෂයේ පක්ෂ එකතුවීම ම ජයග්‍රහණයක් බව ඔවුහු කියති. වැඩේ අවසන් වුයේ මෙම කණ්ඩායම්වලට එකතු වී තවත් විශාල වැඩක් කරන්නට ඉඩ සලසමින් නම් ඒ කතාව ඇත්තකි. එසේ වුව ද, දැන් සිදුව තිබෙන්නේ යලි එක්තැන් කළ නොහැකි තරමට මෙම බලවේග භේද බින්න වීම යි. නිර්මාණය වී ඇත්තේ පක්ෂ ඇතුලේ ම කචල් තත්ත්වයකි. ඇත්ත මහ පොලවේ තත්ත්වය එය යි.

පෙනෙන විදිහට නම් විපක්ෂය එකතු වී අරගලය අවසානයට ම අවසන් කොට ඇත. තවත් අරගලයක් අවශ්‍ය නම් එය මුල සිට ගොඩ නැගීමට සිදුවනු ඇත.

දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යුතු වන්නේ වැඩේ මේ තරම් පහසුවෙන් ගොඩ දමා දීම ගැන සජිත් ප්‍රේමදාස මහතාට, ජෝසෆ් ස්ටාලින් සහෝදරයාට සහ අනෙකුත් නායකයින්ට ස්තුති කිරීමයි. පින් දීම යි.

කෙසේ වෙතත්, ජනතාවගේ විශ්වාසය යලි බිඳ වැටුණහොත් ජනතාව යලි වීදි බසින්නට ද හොඳටම ඉඩ ඇත. එසේ වුවහොත් පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ සේ ම එය සිදුවන්නේ ද මෙම නායකයින්ගේ පාලනයට පිටතින් වීමට ද හොඳට ම ඉඩ ඇත. ජනාධිපති රනිල් හොඳින් මතක තබාගත යුතු කාරණය වන්නේ ද එය යි.

සී ජේ අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *