සීමා නීර් ණයට හිටපු මැකෝගේ නායකත්වයෙන් ජාතික කමිටුවක් පත්කරයි

 

පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ හිටපු  සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පස් දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුවක් පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම කමිටුව පත් කිරීම ප්‍රකාශයට පත් කර ඇත.

ජාතික සීමා නිර්ණය කමිටුව ගැසට් නිවේදනයට අනුව 2022 නොවැම්බර් 01 සිට 2023 පෙබරවාරි 28 දක්වා ක්‍රියාත්මක වේ.

ඒ හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර ජයලත් ආර්.වී. දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අදිකාරි, කේ.තවලිංගම් මහතා සහ අයි.ඒ. හමීඩ් කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *