ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන ආණ්ඩුව විශ්වාසයෙන්

 

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග ඊයේ කළ සාකච්ඡා සාර්ථක බවත්, අයි එම් එෆ් ණය සඳහා අනුමැතිය වසර අවසන් වන විට ලබාගත හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත්, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා අද මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.

ඉන්දියාව චීනය ඇතුළු ප්‍රධාන නය හිමියන් සියලු දෙන ඊයේ සාකච්ඡාවට සහභාගී වී තොරතුරු ලබාගත් බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දීමට ඉදිරිපත්වන බව පෙනෙන්නට තිබු බවත් ඇමතිවරයා කියයි.

සූම් තාක්ෂනය ඔස්සේ පැවති එම සාකච්ඡාවට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිව්වරයා ද සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *