ර්මධනයට එරෙහි විරෝධතාවයට විපක්ෂයේ පක්ෂ සෙනග එවුවේ නැහැ – පෙරටුගාමීන්ගෙන් චෝදනා

 

ආණ්ඩුවේ ර්මධනයට එරෙහිව අද පැවති විරෝධතාවය ගැන මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමට සහ කතා පැවැත්වීමට උනන්දු වූ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් එයට තම පක්ෂ සාමාජිකයින් සහභාගී කරවීමට ක්‍රියා නොකළ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ විරෝධතා සංවිධායක මණ්ඩලයේ ඇතැම් පිරිස් චෝදනා කරන බව දේශපාලන අංශවලින් දැනගන්නට ඇත.

අද විරෝධතාවට විපක්ෂයේ පක්ෂ ගණනාවක නායකයින් සහභාගී වී මුහුණු පෙන්වුවද ඔවුන්ගේ සාමාජිකයින්ගේ ප්‍රමාණවත් සහභාගීත්වයක් නොවූ බවට චෝදනා නැගී ඇත.

උද්ඝෝෂණයේ සෙනග ප්‍රමාණවත් නොවූ නිසා එහි ඡායාරුප මාධ්‍ය මගින් පෙන්වීම ද අවම මට්ටමක පැවතිණි.

විවේචකයින් කියන්නේ පක්ෂ නායකයින් තම මුහුණු ප්‍රදර් ශනය කිරීමට සහ මාධ්‍ය ප්‍රකාශ ලබාදීමට මිස එයට තම සාමාජිකයින් සහභාගී කරවීමට උනන්දු වී නැති බවයි.

ඇතැම් විවේචකයින් කීවේ එහි සිටි විරෝධතාකරුවන්ගේ ප්‍රමාණයට වඩා පොලිස් බල ඇණිය විශාල වූ බවයි.

මෙම විරෝධතාවය සංවිධානය කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ 20 ක් සහ වෘත්තීය සමිති, බහුජන සංවිධාන 150 ක් සම්බන්ධ වී තිබිය දී මෙලෙස සිදුවීම විමතියට කරුණක් බව ද කියති.

විපක්ෂය විසින් වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි පවා දී ඇති බවට ද පෙරටුගාමී පක්ෂයේ පිරිස් චෝදනා කරන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *