විපක්ෂ නායකට හූ කීම අනුමත කරන්නේ නෑ – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

 

මහජන විරෝධතාවයකදී ජනතාව විසින් රටෙි විපක්ෂ නායකවරයාට හූ කීම කිසිසේත් අනුමත කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කිසිදු එක්සත් ජාතික පාක්ෂිකයකු මෙවැනි ක්‍රියාවක් අනුමත නොකරන බව කී එජාප මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂය හොඳ මුල් අරටුවකින් පැවත එන පක්ෂයක් බැවින් කිසි විටෙක බාල වැඩවලට කැමති වන්නේ නැති බව සඳහන් කළේය.

කොළඹ දී පැවැති විරෝධතාව අතරතුර දී විපක්ෂ නායකවරයා හූ හඬ මැද්දේ පසුබා යන අයුරු දුටු විට තමාට ඇත්තටම දුක හිතුනු බවද එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක යනු රටේ හතරවැනි පුරවැසියා බව අමතක නොකළ යුතු යැයි කී එජාප මහලේකම්වරයා එවැනි තනතුරක් මෙලෙස හෑල්ලුවට ලක්වීම ප්‍රජාතන්ත්‍රවාදයට ද මරු පහරක් බව සඳහන් කළේය.

ඉදිරි නායකයකුට විපක්ෂ නායක තනතුර ගෞරවාන්විතව දැරීම සඳහා ඉතිරි කොට තැබීම සජිත් ප්‍රේමදාස මහතාගේ වගකීමක් බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *