පිටකොටුවේ සජිත් විරෝධයට මුල පිරුම හිරුනිකාගෙන් !

 

අද පැවති විරෝධතා පා ගමන අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හූ කියා එලවා දැමීමේ සිදුවීමට මුල පුරන ලද්දේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසිනි.

පොලිස් බාධකය හමුවේ ඉදිරියට යා නොහැකි තත්ත්වයක් පවතිද්දී විරෝධතාවේ සංවිධායකයින් එම ස්ථානයේ විරෝධතා රැළියක් පැවැත්වීමට උත්සාහ කළ අතර එයට බාධා කළ හිරුනිකා ඇතුළු පිරිසක් ප්‍රකාශ කළේ පොලිස් බාධක බිඳගෙන ඉදිරියට යා යුතු බවයි. ඔවුන්ගේ විරෝධය නිසා විරෝධතා රැළිය පැවැත්විය නොහැකි වූ අතර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් කරද්දී පිරිස හූ තබමින් ඔහුට විරෝධය පළ කළේය. සජිත් ප්‍රේමදාස මහතා හූ හඬ මැද්දේ ඉවත්ව ගිය අතර පසුව අනෙක් දේශපාලන නායකයෝ ද එම ස්ථානයෙන් ඉවත්ව ගියහ..

පිරිස ඔවුන්ට එරෙහිව ද සටන් පාට කියන්නට වුහ.

විරෝධතාවයේ ප්‍රධාන සංවිධායකයකු ලෙස ක්‍රියා කළ ජෝසෆ් ස්ටාලින් මහතාට ද වරෙක විරෝධතාවයකට මුහුණ දීමට සිදුවිය.

නිරීක්ෂකයින් කියන්නේ පෙරටුගාමී පක්ෂය විරෝධය හයි ජැක් කළ තත්ත්වයක් පෙනී ගිය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *