හෙට උද්ඝෝෂණය අවලංගු කරන්නැයි වාණිජ මණ්ඩල හයක් ඒකාබද්ධ නිවේදනයකින් ඉල්ලයි

හෙට පැවැත්වීමට සැලසුම් කොට ඇති  විරෝධතාව අවලංගු කරන්නැයි වාණිජ මණ්ඩල හයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

රටේ ආර් ථිකය අමාරුවෙන් ගොඩ යමින් සිටිය දී මෙබඳු උද්ඝෝෂණ සංවිධානය කිරීමෙන් රට තවත් ර්අබුදයට යාම පමණක් සිදුවාන බව එම සංගම් පෙන්වා දෙයි.

විශේෂයෙන් ම සංචාරක ව්‍යාපාරයට මෙම විරෝධතා හේතුවෙන් බලපෑම් එල්ල වනු ඇතී බව එම සංගම් කියයි.

ලංකා වාණිජ මණ්ඩලය (CCC), තරුණ ලංකා ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE), ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ( NCE), සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC)  යන සංවිධාන අද නිකුත්කළ ඉකාබද්ධ නිවේදනයක් මගින් හෙට පැවැත්වෙන  විරෝධතාව අවලංගු කරන ලෙස එහි සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *