අත්‍යවශ්‍ය සේවා සතුටුදායකයි ; පෙත්සම් බහා තබයි

 

මහජනයාගේ අත්‍යවශ්‍ය සේවා ලබාදීමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා  ශ්‍රී ලංකා නිතිඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

සේවා ලැබීම දන යහපත් තත්ත්වයට පත්ව ඇති නිසා පෙත්සම් බහා තබන ලෙස පැමිණිලි පාර් ශවය කළ ඉල්ලීම අනුව අධිකරණය මෙම  නියෝගය ලබා දී තිබේ.

මෙසේ බහා තබන්නේ ඉන්ධන, විදුලි බලය, ගෑස්, ඖෂධ, ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා අබණ්ඩව මහජනතාව වෙත සැපයීමේ දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙලක් සකස් කරන්නැයි රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් දෙකකි.

අදාළ පෙත්සම් අද (01) විජිත් මළල්ගොඩ සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ර්වතමානයේ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු බොහෝ දුරට නිරාකරණය වී ඇති හෙයින් අදාළ පෙත්සම් යළි කැඳවීමේ අයිතිය රඳවා ගනිමින් ඒවා බහා තබන ලෙස ඉල්ලා සිටියේය.

විශේෂ අවශ්‍යතාවක් මතු වුවහොත් මෝසමක් මාර්ගයෙන් එම පෙත්සම් කැඳවීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් දෙක බහා තැබීමට නියෝග කළේය..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *