මහින්ද සමග නැගිටින වැඩේට මම විරුද්ධයි – ඇමැති ප්‍රසන්න රණතුංග

 

‘මහින්ද සමග නැගිටිමු’ ලෙස සංවිධානය කරන රැස්වීම් මාලාවට තමන් විරුද්ධ බවත්, ඒ බව ආරච්චිකට්ටුව රැස්වීම අවස්ථාවේ සනත් නිශාන්ත මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළ බවත්, ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ආරච්චිකට්ටුව රැස්වීමේ දී තමන් කතා නොකළේ එම විරෝධය ප්‍රකාශ කරමින් බව ද ඇමැතිවරයා කියයි.

මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය සමුගැනීමක් ලබාදිය යුතුව තිබියදී එතුමා රැස්වීම්වලට රැගෙන යාම වැරදි බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේ රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමිනි.

සියලු දෙනා මග හරිද්දී වගකීම භාරගත් ජනාධිපතිතුමා සමග ගමනක් යා යුතු බවත්, ඉදිරි මැතිවරණ ගැන තීරණ ගැනීමට තවමත් කල් වැඩි බවත්, ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *