|

ශ්‍රී ලංකාව අධි උද්ධමන අවදානමෙන් බේරෙයි ; මිල මට්ටම් පහතට

 

 

ශ්‍රී ලංකාව මුහුණ දී සිටි අධි උද්ධමන අවදානම මේ වනවිට පහව ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරංචි මාර් ග  ප්‍රකාශ කරයි.

අධි උද්ධමන අවදානම ලෙස හඳුන්වන ලද්දේ පාලනය කළ නොහැකි ලෙස මිල මට්ටම් දිගින් දිගට ඉහළ යාමේ අනතුරයි. උද්ධමනය සියයට සියය ඉක්මවා ගියහොත් එම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට තිබිණි.

කෙසේ වෙතත්, දැඩි මුල්‍ය ප්‍රතිපත්ති මගින් එම තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට හැකි වී ඇති බව මහ බැංකුවේ ආර්ථික විශේෂඥයින්ගේ විශ්වාසය වී තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර් ශකය මගින් පෙන්නුම් කරන  වාර් ෂික උද්ධමනය සියයට 69 සිට 66 දක්වා පහත වැටී ඇති බව ඔක්තෝබර් සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කොට තිබිණි. එමගින් පෙන්නුම් කරනුයේ ඔක්තෝබර් මාසයේ මිල මට්ටම් පහත වැටී ඇති බව යැයි කියති.

වාර්  ෂික උද්ධමනය ලෙස ඔක්තෝබර් අග දී සියයට 66 ක් වාර් තා වන විට එයට සැප්තැම්බර් දක්වා සිදු වූ මිල වැඩිවීම් ඇතුළත් වෙයි. එබැවින් මාසය තුළ මිල පහල ගිය ද මෙම සංඛ්‍යාවෙන් එය එකවර පෙන්නුම් නොකරයි .

මෙලෙස උද්ධමනය පාලනය මාසයක් , දෙකක් පවත්වා ගතහොත් දැඩි මුල්‍ය පාලනය ක්‍රමානුකුල ලෙස අඩු කරමින් බැංකු පොලිය ද අඩු කළ හැකි වනු ඇතැයි කියති.

කෙසේ වෙතත්, තත්ත්වය වඩා යහපත් වීමට තවත් මාස කිහිපයක් දැඩි මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බව කියති.

වත්මන් තත්ත්වය පිලිබඳ සමාලෝචනයක් මහ බැංකු අධිපතිවරයා විසින් ඉදිරි සතිය තුළ සිදුකරනු ඇති බව මහ බැංකුවේ ආරංචි මාර් ග කියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *