බස් හිමියන්ගේ මානව හිමිකම් උද්ඝෝෂකයන්ගෙන් රැක දෙන්න – ගැමුණු මානව හිමිකම් කොමිසමට කියයි

 

පෞද්ගලික බස් හිමියන්ට තම ජීවිකාව කර ගැනීමට ඇති මානව හිමිකම උල්ඝෝඅෂකයන් විසින් අහිමි කිරීම ගැන නිසි ක්‍රියාමාර්ග ගන්නැයි තමන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

යම් හෙයකින් මානව හිමිකම් කොමිසම තම සාමාජිකයන්ගේ මානව හිමිකම් ගැන කතා කිරීම පැහැර හැරියහොත්, ඒ පිළිබඳව ජිනීවා මානව හිමිකම් කොමිසමට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමට ක්‍රියා කරන බව ද ඒ මහතා පැවසීය.

උද්ඝෝෂකයින් විසින් බස් හිමියන්ගේ මානව හිමිකම් කැඩීම දිගින් දිගට සිදුවන බවත්, ඒ ගැන මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක නොවන බවත්, ඒ මත කියයි.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද පැවැත් වූ මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *