ජනපති රනිල්ට දිගටම සහය දෙනවා – නාමල් රාජපක්ෂ

 

රට මුහුණ දී සිටින අභියෝගාත්මක තත්ත්වයෙන් ගොඩ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්න ක්‍රියාමාර් ගවල දී එතුමාට දිගට ම සහය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩබලන ජාතික සංවිධායක හාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් තම පක්ෂයේ අදහස් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කොට සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට ක්‍රියා කරන බව ද ඒ මහතා පැවසීය.

තඹුත්තේගම ප්‍රදේශයේ අද පැවති පක්ෂයේ කලාවැව ආසන සංවිධාන රැස්වීමට සහභාගීවීමෙන් පසු ජනමාධ්‍ය අමතා ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *