ඒකාධිකාරය අවසන් ; ඛනිජ තෙල් පනත ක්‍රියාත්මක කෙරෙයි

 

ඛනිජ තෙල් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ ඒකාධිකාරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත මේ මස 26 වනදා සිට ක්‍රියාත්මක වන බව දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි

පනත් කෙටුම්පත පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

මෙම පනත මඟින්  ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්‍ෂේත්‍රයට ප්‍රවේශවීමේ හැකියාව හිමිවෙයි

එසේම ගුවන් යානා ඉන්ධන ආනයන ඒකාධිකාරය ඉවත් කිරීම සහ නව ආයෝජන වෙනුවෙන් අවස්ථාව උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් කිරීමද පනත මගින් සිදු කෙරුණ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *