ජවිපෙ අරගලය ඊයේ හයිඩ් පිටියේ ; සජබ අරගලය 2 දා පටන්ගනී !

අරගලය ඉදිරියට ගෙනයාම සඳහා ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන වැඩ පිළිවෙළ ඊයේ (27) හයිඩ් පිටියේ පැවති ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ රැළියෙන් ආරම්භ වූ බවත්, සමගි ජන බලවේගය නායකත්වය දෙන වැඩ පිළිවෙළ නොවැම්බර් 2 දා කොළඹින් ආරම්භ කිරීමට නියමිත බවත්, දේශපාලන අංශ වාර් තා කරයි.

ඊයේ හයිඩ් පිටියේ පැවති රැස්වීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රාශියක් සහභාගී වී සිටි අතර සටනට තමන් නායකත්වය දෙන බව ජවිපෙ වෘත්තීය සමිති නායක කේ ඩී ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වෘත්තීය සමිති සහ සමගි ජන බලවේගයේ සංවිධාන එම රැලියට සහභාගී වී නොසිටියේ ය.

මේ අතර නොවැම්බර් 2 දා කොළඹ දී පැවැත්වෙන අරගලයේ ඉදිරි සටන් ව්‍යාපාරය ගැන සාකච්ඡාවක් ඊයේ විපක්ෂ නායක කාර් යාලයේ පැවතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සංවිධාන ගණනාවක් එයට සහභාගී සිටි බව වාර් තා වෙයි.

සමගි ජන බලවේගය නායකත්වය දෙන එම අරගල ව්‍යාපාරය නොවැම්බර් 2 දා කොළඹින් ඇරඹීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *