පවුල්වලින් සියයට 57 කට සහනාධාර දෙන්න වෙලා – මුදල රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය

 

ශ්‍රී ලංකාවේ සිටින පවුල් 68 ලක්ෂයෙන් පවුල් ලක්ෂ 39 ක් රජයේ සහනාධාර පලපොරොත්තු වන බවත්, එය පවුල් සංඛ්‍යාවෙන් සියයට 57 ක් වන බවත්, මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකශ කරයි.

දැනට සමෘද්ධි ආධාර ලබන පවුල් ලක්ෂ 22 ට අමතරව තවත් පවුල් ලක්ෂ 11 ක් ආධාර බලාපොරොත්තු වෙයි. වැඩිහිටි සහ වෙනත් ආධාර බලාපොරොත්තු වන මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 39 කි.

මේ අයට අතුරු අයවැයෙන් යෝජනා කළ අන්තර් කාල දීමනාව ලබාදීම දැනටමත් ආරම්භ කොට තිබේ.

බදු අය කිරීමට සිදුව තිබෙන්නේ මෙලෙස විශාල පිරිසකට සහනාධාර දීමට රජයට සිදු වී ඇති නිසා බව ද ඇමතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *