ඔය කට්ටිය කීවාට ජනතාව එන්නේ නැහැ ; ජනතාව ඉන්නේ රට හදන්න ජනාධිපතිට ඉඩ දීලයි – සමන් රත්නප්‍රිය

එක එක්කෙනා කියන විදියට පාරට බහින්න ජනතාව නොඑන බවත්, ජනතාව දැන් රට හදන්නට ජනාධිපතිතුමාට ඉඩ දී බලා සිටින බවත්, පුරවැසි සංවිධාන එකමුතුව විසින් අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

වර්තමාන ජනාධිපතිවරයා සිදුකළ ආර්ථික ව්‍යසනයක් නැති අතර ඔහු හැමදාම කළේ ආර්ථිකය ගොඩගැනීම බව ද රත්නප්‍රිය මහතා පැවසීය.

ඒ හැම මොහොතකම ජනතාව වැඩ වරද්දාගෙන වෙන අයට බලය දී හරිගැස්සු ආර්ථිකය විනාශකරගත් බව ද ඒ මහතා කීය.

මේ අතර රට ගිනිගන්නා මොහොතක ර්මදනකාරී ව්‍යාපාරයකට එකඟවිය නොහැකි බවත් අරගල කරන මොහොතේ එයට සහය දෙනවා සේම දේශපාලන වෙනසක් සිදුවූ විට එයට ඉඩ දිය යුතු බව ද රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මාස එකහමාරෙන් එකහමාරට නායකයන් පත්කරගන්නා තැනට ගොස් ඩස්බින් වලට පොරකන තත්ත්වයට රට පත්කිරීමට කැමති නැති බවත් ඔහු සඳහන් කරන ලදී.

මේ මොහොතේදීත් ඇතැමුන් ජනතාවට එළියට බහින ලෙස පැවසුවද දැනටමත් රට ගොඩනැගීමට ජනතාව ජනාධිපතිවරයාට ඉඩ දී ඇති හෙයින් එම දේශපාලන කාඩරය හැර ජනතාව පාරට නොබසින බවත් හෙතෙම පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *