‘‘පොහොට්ටුවේ පිරිසක් අලියාට එක් වෙනවා‘‘ – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

 

එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට කැමැත්ත පළ කළ බොහෝ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් එජාප මහා ලේකම්වරයා මෙි බව කීය.

එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට බොහෝ දෙනෙක් කැමැත්තෙන් සිටින නමුත් ඔවුන් එන නිශ්චිත කාලයක් ගැන කිව නොහැකි යැයිද රංගේ බණ්ඩාර පැවසීය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *