පිල් මාරුව සුදුසු නැහැ ; රනිල් සමග අවබෝදයෙන් වැඩ කරනවා – මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ආණ්ඩුවේ පොහොට්ටු කණ්ඩායමෙන්, එම පෙරමුණට එක්වන ලෙස තමන්ට ද ආරාධනා ලැබී ඇති නමුත්, කණ්ඩායමක් ලෙස ක්‍රියා කරමින් සිටිය දී පිල් මාරු කිරීම සුදුසු නැති බවත්, එසේ වුව ද ජනාධිපතිවරයා සමග අවබෝධයෙන් ක්‍රියා කරන බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.

පොහොට්ටුවේ හතලිහක පමණ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන පෙරමුණක් ගොඩ නගමින් සිටින බව ද ඒ මහතා   හෙළි කළේය.

රවුෆ් හකීම් මහතා කියන්නේ එම පිරිස පුළුල් පෙරමුණක් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටින බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය අමතා ඒ මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *