පාර් ලිමෙන්තුවේ ද්විත්ව පුරවැසි දහයක් කතාව බොරුවක් ? මාධ්‍යයේ නිර් මානයක් ?

 

වත්මන් පාර් ලිමෙන්තුවේ ද්විත්ව පුරවැසියන් දහයක් හෝ වැඩි පිරිසක් ඇතැයි කියන ප්‍රවෘත්ත්යේ කිසිදු සත්‍ය තාවයක් නැති බවත්, මැති ඇමතිවරුන් සහ වෙනත් බලවතුන් නොයෙකුත් ප්‍රකාශ කරන්නේ ඇතැම් මාධ්‍යවේදීන් මතුකොට ඇති ව්‍යාජ ප්‍රශ්න හේතුවෙන් බවත්, තතුදත් දේශපාලන අංශ කියයි.

දැනට පාර් ලිමෙන්තුවේ සිටින මන්ත්‍රීවරුන් පත්ව ඇත්තේ 20 වැනි සංශෝධනයට පෙර 19 වන සංශෝධනය යටතේ පැවති 2020 අගෝස්තු 5 මැතිවරණයෙන් බවත්, එම මැතිවරණයට තරඟ කිරීමට ද්විත්ව පුරවැසියන්ට හැකියාව නොතිබූ බවත්, කියන අපගේ ආරංචි මාර් ග වැඩි දුරටත් කියන්නේ යමෙක් ද්විත්ව පුරවැසියකු ලෙස සිටිමින් එම අවස්ථාවේ පාර් ලිමෙන්තුවට පත්වුයේ නම් එය එම අවස්ථාවේ ම හෙළිදරව් කොට පත්වීම් අවලංගු කිරීමේ හැකියාව තිබු බවයි.

ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීමට හැකියාව ලැබුණේ මෙම පාර් ලිමේන්තුව පත්වී 2020 ඔක්තෝබරයේ සම්මත කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය. එය බලාත්මක වුයේ 2020 ඔක්තෝබර් 20 දා ය.

බැසිල් රාජපක්ෂ මහතාට 2020 මැතිවරණයට තරඟ කිරීමට නොහැකි වුයේ ඒ වනවිට 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකව තිබු නිසා ය.

එබැවින් ද්විත්ව පුරවැසි භාවය ඇති මන්ත්‍රීවරුන් 10 ක් 15 ක් මෙම පාර් ලිමෙන්තුවේ සිටීම කිසිසේත් සිදුවිය නොහැකි බවත්, මෙය ඇතැම් මාධ්‍යවේදීන්ගේ අතේ රෝලක් බවත්, අපගේ ආරංචි මාර් ග කියයි.

ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන් දහ දෙනෙකු ගැන ප්‍රශ්න මතුකරන හෝ පිළිතුරු දෙන කිසිවකු ද ඒ ය කවුදැයි කියන්නේ ද නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *