මෛත්‍රී – මහින්ද තෙවැනි වර හමුවී ඇතිකරගත් රහස් සම්මුතිය මෙන්න

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති තුන්වන හමුවීමේදී ජනාධිපතිතුමා දැනුම් දී ඇත්තේ රාජපක්ෂ මහතාට අවශ්‍යම නම් මැතිවරණය තරඟ කිරීමට නාමයෝජනා දීමට ඉඩහරින නමුත් තමන්ගේ විරුද්ධත්වය රටට ප්‍රකාශ කොට තමා ස්වාධීනව කටයුතු කරන බව යැයි තතු දත් ආරංචි මාර්ග මගින් යුක්තියට වාර්තාවෙයි . එමෙන්ම කවුරුන් තරඟ කළත් සන්ධානයට මෙම මැතිවරණය ජයගැනීමට අපහසු බවද ජනධිපතිතුමා එහිදී ප්‍රකාශ කොට ඇතැයි ද කියති .

නාමයෝජනා බාරදී අවසන් වනතෙක් රටට ප්‍රකාශයක් කිරීමෙන් වළකින ලෙස මෙහිදී රාජපක්ෂ මහතා ඉල්ලා සිටි බවද ජනාධිපතිතුමා එයට එකඟ වූ බවද අපගේ ආරංචි මාර්ග කියයි . එමෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රකාශය හැරුණු විට එකිනෙකාට පහර ගැසීමෙන් වැළකී සිටීමටද නායකයින් දෙදෙනා එකඟ වී ඇත .

නායකයින් දෙදෙනාගේ හමුව පිළිබඳ තොරතුරු රහසිගතව තබා ගැනීමද එහිදී ඇතිකරගත් තවත් එකගත්වයකි .

මෙලෙස සිරිසේන ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිවූ එකඟත්වය පිළිබඳව සන්ධාන නායකයින්ද දැනුවත්ව සිටි බවත් නාමයෝජනා පිළිබඳ අවසන් තීරණය ගන්නා ලද්දේ ඒ පිළිබඳව කළ දිගු සාකච්චා ගණනාවකින් පසුව බවත් අපගේ ආරංචි මාර්ග කියයි .

තමා හා මහින්ද රාජපක්ෂ මහතා තෙවරක් මුණගැසී සාකච්චා කළ බව ජනාධිපතිතුමා ජාතිය අමතා කළ කතාවේදී ප්‍රකාශ කළේය . පළමු සහ දෙවන හමුවීම් වලදී කතා කළ කරුණු රටට හෙළිකළ ජනාධිපතිතුමා තෙවන සාකච්චාව ගැන කිසිවක් හෙළි නොකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *