තාජුඩීන් ඝාතනයේ අස්ථි අතුරුදන් කළ වෛද්‍ය ආනන්ද සමරසේකරට අපේක්ෂිත ඇප..! – 10 දා වනතුරු අධිකරණයට ඉදිරිපත් කරන්න බෑ

වසීම් තාජුඩීන්ගේ මල සිරුරෙහි කලවා අස්ථිය අතුරුදන් කර සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි එවකට කොළඹ හිටපු ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර තමන් අත්අඩංගුවට පත්වීමට ප්‍රථම අපේක්ෂිත ඇප ලබාගෙන ඇති නිසා ලබන 10 දා වනතුරු ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බව  පොලිස් ආරංචි මාර්ග පවසයි.

මිය ගිය අයෙකුගේ මලමිනියක කොටස් පරීක්ෂණයක් හෝ වෙනත් ඕනෑම කටයුත්තක් වෙනුවෙන්  ඉවත් කරගන්නේ නම් ඒ පිළිබද මරණකරුගේ ලගම ඥාතීන් වෙත දැන්වා ඔවුන්ගේ කැමැත්ත ලබා ගත නමුත් ආනන්ද සමරසේකර එම ඉවත්කිරීම කර ඇත්තේ මරණකරුගේ ඥාතීන්ව නිසි ලෙස දැනුවත් කිරීමකින් තොරවය.

එමෙන්ම එම අස්ථි කොටස පරීක්ෂණාගාරයේ තබා ගන්නේනම්  ඒ පිළිබදව නිසි සටහනක් තැබිය යුතු වුවද එම ලිඛිත ගොනුකිරීම්ද  නිසි ආකාරයෙන් සිදුකර නැත. සැක සහිත ලෙස ස්වකීය පරීක්ෂණාගාරයේ තබාගත් මේ අස්ථි කොටස දැන් අතුරුදන්ව පර්යේෂණ කටයුතු සදහා   ඉතා වැදගත් සාධකයක්  විනාශ කිරීම සම්බන්ධව විශේෂඥ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකරට චෝදනා එල්ල කර තිබිණි. මේ සම්බන්ධව පරීක්ෂණයක් කළ සෞඛ්‍ය  අමාත්‍යාංශය කීවේ මෙම අස්ථිකොටස් අතුරුදන්වීම සම්බන්ධව මරණ පරීක්ෂණය භාරව කටයුතු කළ වෛද්‍ය ආනන්ද සමරසේකර ඍජුවම වගකිවයුතු බවය.

මේ තත්වය තුළ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා රහස් පොලිසිය හමුවට කැදවූ විට වෛද්‍ය ආනන්ද සමරසේකර විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ස්වකීය අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කර ඇත. මෙම අස්ථි අතුරුදන් වීම සම්බන්ධව තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතිබව මෙහිදී වෛද්‍ය ආනන්ද සමරසේකර  අධිකරණයට පවසා තිබේ.

 

colomboxnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *