22න් ජනාධිපති රනිල් තටු කපා ගනී ; මුදල් ඇමති ධුරයත් අහිමි වෙයි

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම මත, අභියෝග ජයගෙන, සම්මත කළ 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිතුමා තමන්ගේ බලය සීමා කරගෙන ඇති බවත්, ඔහු දරන මුදල් සහ ආර් තික ස්ථායිකරණ ඇමැති ධුරයෙන් ද ඔහුට ඉවත්වීමට සිදුවන බවත්, ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ක්‍රියාකාරීහු කියති.

රජයේ විවිධ තනතුරු පත් කිරීමේ දී ජනාධිපතිතුමාට තිබු බලය මෙම සංශෝධනය මගින් ඉවත් කොට එම බලය ව්‍යවස්ථා සභාවට ලබා දී තිබේ.

ආරක්ෂක ඇමති ධුරය හැර වෙනත් කිසිදු ඇමැති ධුරයක් දැරීම ද ජනාධිපතිට කළ නොහැකි ය. ඒ අනුව ජනාධිපතිතුමා දැනට දරන මුදල් සහ ආර්ථික ස්ථායිතා ඇමැති ධුරයෙන් ද ඉවත්වීමට ජනාධිපතිතුමාට සිදුවෙයි.

තමන්ගේ ම තටු කපා ගන්න මෙම සංශෝධනය සම්මත කරවා ගැනීමට විශාල දේශපාලන මෙහෙයුමක් ද කිරීමට ජනාධිපතිතුමාට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *