බැසිල් අනාථයි ; පොහොට්ටු බහුතරය රනිල්ට !

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂ මහතාගේ බලය දුර්වල වී ඇති බවත් , බහුතර බලය දිනා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත්ව ඇති බවත්, 22 සංශෝධනයේ ඡන්ද විමසීමේ දී පෙනී යන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

22 ට ඡන්දය නොදෙන බවට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට ඇති බවත්, බහුතර තීරණය එය බවත්, බැසිල් පිල වෙනුවෙන් පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කොට තිබුණ ද ඡන්ද 179 ක් ලබා සංශෝධනය ජය ගත හැකි වීමෙන් බැසිල් පිලේ සැබෑ බලය හෙළි වී තිබේ.

ඡන්දය දෙන අවස්ථාවේ මන්ත්‍රීවරු 44 ක් සභාවේ නොසිටි අතර, මහින්ද අමරවීර ,සීතා අරබෙපොල , ඇතුළු පිරිසක් විදේශ ගත වීම නිසා හෝ වෙනත් හේතු නිසා සහභාගී වී නැත.

ඒ අනුව බැසිල් පිලේ සැබෑ ශක්තිය 30 ක් පමණ දක්වා අඩු වී ඇති බව පෙනෙන්නට තිබේ.

කැබිනට් මණ්ඩලයට පත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ලැයිස්තුවට ඇමති ධුර දීම ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය.

22 සංශෝධනයට එරෙහි වීමට පොහොට්ටුව තීරණය කළේ එම විරසකය නිසා බව ද වාර්තා වී ය.

දැන් එම ඡන්ද ර්වජනයෙන් ද බැසිල් පිල පරාජයට පත්වීමෙන් පොහොට්ටුවේ බැසිල්ගේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බව පෙන්නුම් කරන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *