22 සංශෝධනය 21 ලෙස ව්‍යවස්ථාවට

 

ඊයේ පාර් ලිමෙන්තුවෙන් සම්මත වූ  ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ 22 සංශෝධනය ව්‍යවස්ථාවට එක්වන්නේ 21 වැනි සංශෝධනය ලෙස බව වාර්තා වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයක් මීට පෙර සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කොට තිබිණි. එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති ඇති නිසා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කළේය.

22 සංශෝධනය සම්මත වීමත් සමග පැරණි 21 සංශෝධනය අහෝසි වී මෙම සංශෝධනය 21 සංශෝධනය ලෙස නීති පොතට එක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *