පොහොට්ටුව ර්වජනය කළත් 22 ට ඡන්ද 179 ක් ; තුනෙන් දෙක ඉක්මවා 29 ක් !

 

ආණ්ඩු පක්ෂයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  නියෝජනය කරන මන්ත්‍රිවරුන් පිරිසක් ඡන්දය ර්වජනය කළ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ 22 සංශෝධනය ඡන්ද 179 ක් ලබා සම්මත වී ය.

මෙය සම්මත කිරීමට පාර් ලිමෙන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක්  අවශ්‍යව තිබිණි. එනම ඡන්ද 150කි. ඊට වඩා ඡන්ද 29 ක් සංශෝධනයට පක්ෂව ලැබිණි. විපක්ෂයේ සම්පුර්ණ සහය එයට හිමි වූ අතර විරුද්ධ වුයේ පොහොට්ටුවේ පිරිසක් පමණකි.

ඡන්දය දෙන අවස්ථාවේ පාර් ලිමෙන්තුවේ නොසිටි මන්ත්‍රී සංඛ්‍යාව 44 කි. ඒ අතර ඡන්දය ර්වජනය කළ පොහොට්ටුවේ ප්‍රබලයින් මෙන් ම වෙනත් හේතු නිසා නොපැමිණි පිරිසක් ද වන බව කියති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණර්වධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් ඡන්දය ර්වජනය කළහ.

මේ අතර, කාරක සභා අවස්ථාවෙන් අනතුරුව තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 173 ක් හිමි විය.

එයට විරුද්ධව ඡන්දය භාවිත කළේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *