නොරෝච්චෝලේ අවුලක් නැ ! – ගල් අඟුරු නැවක් 24 දා දිවයිනට

 

ගල් අඟුරු රැගත් නෞකාවක් ලබන 24 වැනිදා දිවයිනට ළඟාවන බව ‘ලංකා ගල් අඟුරු සමාගම’ පවසයි.

එහි සාමාන්‍යධිකාරි නාමල් හේවගේ සඳහන් කළේ, මීට පෙර ගිවිසුම් ගත වූ සමාගමෙන් එම ගල් අඟුරු තොගය ආනයනය කරන බවත් ඊට අදාල ගෙවීම් මුළුමනින්ම සිදුකර ඇති බවත්ය.

මේ වනවිට නොරෝච්චෝලේ බාලගාරය ක්‍රියාත්මක කිරිමට ගල් අඟුරු සංචිත පවතින්නේ ලබන 30 වැනිදා දක්වා පමණි.

තවත් නැව් 4කටම අත්තිකාරම් ගෙවල !

පෙර ගිවිසුම්ගත ‘ස්විස් සිංගප්පුර්’ සමාගමෙන් දෙසැම්බර් මාසය දක්වා තවත් ගල් අඟුරු නෞකා 4ක් ආනයනයට සැලසුම් කර ඇති අතර ඒ සඳහාද අත්තිකාරම් ගෙවා ඇතැයි  නාමල් හේවගේ ප්‍රකාශ කළේ ය. ඒ අනුව ගල් අඟුරු රැගත් තවත් නෞකා දෙකක් ඉදිරිදින කිහිපයේ දිවයිනට ලඟා වීමට නියමිතය.

ඒ අනුව බාධාවකින් තොරව නොරෝච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි නාමල් හේවගේ පවසයි.

ගල් අඟුරු මිලදී ගැනීමට නව සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ‍ටෙන්ඩරයක් මේ වනවිට කැඳවා ඇති අතර එහි කාලය ලබන 25 වැනිදායින් අවසන් විමට නියමිතය.‍

ඉන් තෝරා ගන්නා සැපයුම්කරුගෙන් දෙසැම්බර් මාසයේ සිට ගල් අඟුරු මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව ද, ලංකා ගල් අඟුරු සමාගම ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *