වසන්ත මුදලිගේ ගැන සජිත්ගේ ඉල්ලීම තුළ රහසක් !

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින , අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන ඉල්ලීම තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස ගිනිතැබීම ගැන සහ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා ගැන චෝදනා එල්ල වී ඇති දුලාංජලී ප්‍රේමදාස මහත්මිය ඇතුළු සමගි ජන බලවේගයේ විශාල පිරිසකට එරෙහි පරීක්ෂණ නවතා ගැනීමේ උත්සහයක් වන බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර් ග කියයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස ගිනිතැබීමේ පරීක්ෂණ වල දී සමගි ජන බලවේගයේ පිරිසක් එය මෙහෙය වූ බව තහවුරු වී ඇති අතර ඒ ගැන පරීක්ෂණ පවතිද්දී දුලාංජලී ප්‍රේමදාස මහත්මිය ඇතුළු සජබ පිරිසක් රටින් පිටව ගොස් ඇති බව ද එම ආරංචි මාර් ග  කියයි.

මැයි නව වැනි දා රට පුරා සිදු වූ නිවාස ගිනි තැබීම් සම්බන්ධ පරීක්ෂණ වල දී ද සමගි ජන බලවේගයේ පිරිස් ඒවාට සම්බන්ධ  බවට තොරතුරු හෙළි වී තිබේ.

සාමකාමී අරගලකරුවන් ර්මදනයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ ද පොලිස් පරීක්ෂණ පැවැත්වෙන්නේ නිවාස ගිනි තැබීම ඇතුළු අපරාධ ගැන බව රජයට සම්බන්ධ ඉහත කී ආරංචි මාර් ග ප්‍රකාශ කරයි.

එවැනි අපරාධ සම්බන්ධයෙන් සමාවක් ලබා දීම ආණ්ඩුවකට කළ නොහැකි බවත්, සමාවක් දිය හැක්කේ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව බවත්, ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ අදහස වී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *