|

අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ – මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ

 

පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය උද්ධමනකාරී වාතාවරණයෙන් මිදීම සඳහා ගත් දැඩි තීරණ කිහිපයක් බවය.

වතමන් බදු ප්‍රතිපත්තිය අවම වශයෙන් වසරක කාලයක් ක්‍රියාත්මක කළොත් ලබන අවුරුද්දේ ඉදල බලාපොරොත්තු වන අයුරින් ආර්ථිකය ස්ථාවර වුවහොත් අනිවාර්යයෙන්ම බදු අදායම අපි හිතනවාට වඩා වැඩි වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

වැඩි ආදායම් ලබන අය වැඩි දායකත්වයක් දිය යුතුයි ඒ තුළින් අඩු ආදායම් ලබන අයට සහනයක් දිය යුතුයි වැඩි ආදායම් ලබන බහුතරය දායකත්වය දෙනවා නම් හැමෝටම බදු සහනයක් ලබා ගත හැකි බව වීරසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය .රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔහු පැවසුවේය.

බදු සංශෝධන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සමඟ ඒකාබද්ධ වූ අනෙකුත් ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලියේ කොටස් බව ද ඔහු පෙන්වා දුන්නේය.

(විමුක්ති එස් රුද්‍රිගු)

ලංකාදීප

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *