අපි බලාපොරොත්තු වුනේ මීට වැඩිය විශාල වෙනසක් – සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ නීතිඥ අශෝක ස්ටීවන් පියනම.

පසුගිය ආණ්ඩු පෙරළියෙන් පස්සෙ ටික කලක් ගියහම අපි සැමදෙනාටම වගේ තේරෙන්න ගත්ත දෙයක් තමයි අපි හිතපු වෙනස, අපි බලාපොරොත්තු වෙච්ච වෙනස වෙන්නෙ නෑ වගේ කියන එක. එහෙම වෙන කොට මේ වෙනසට එක් රැුස් වෙච්ච පිරිස් එකතුවෙලා සාකච්ඡුා කළා ඇයි එහෙම වෙන්නෙ කියල. ඇයි අපි කතාකරගත්ත දේවල්, අපිට පොරොන්දු වෙච්ච දේවල් මේ රජය කරන්නෙ නැත්තෙ කියල. ඒ වගේම අපි එකට එක්කාසු වෙලා අලූත් රජයක් ගේන්න උත්සාහගත්ත කියල දන්න පිරිස අපිව විවේචනය කරන්න පටන් ගත්ත. මම දන්න යාළු මිත‍්‍රයො වගේම නොදන්න අයත් මගෙන් අහන්න ගත්ත. කෝ දැන් ෆාදර්ස්ලා ගේනව කියපු ආණ්ඩුව? දැන් සනීපද? කියල. මගේ මුහුණු පොතට ඒ වගේ කමෙන්ට්ස් ගොඩක් එනව. මම මොකක් හරි එකක් දාපු ගමන් එන්නෙ, ‘ඇයි ෆාදර්ලනෙ ආණ්ඩුව පත්කර ගත්තෙ’ කියල. ‘ෆාදර්ලානෙ මහ ලොකුවට මේක ගෙනාවේ’ කියල. ඒත් අපිට තාම සුලූ විශ්වාසයක් තියෙනව මේක එකම පොතේ වෙන පිටකවරයක් නෙමේ කියන එක. එකම පොතේ වෙනත් පිටකරවරයක් මාරු වුණා නෙමේ කියල පුංචි පුංචි දේවල් වලින් අපි සෑහිමකට පත්වෙනව. නමුත් අපි බලාපොරොත්තු වෙනව මීට වඩා විශාල දෙයක්.
මේ ‘වරාය නගරය’ කියන නම වෙනස් කරල ‘මූල්‍ය නගරය’ කියල දැම්මත්, දැන් කරන්නට යන මේ විපර්යාසය ගැන බැලූවම, නම වෙනස්වුණාට පාරිසරික හානිය එයමයි කියන එක තමයි, බහුතරයක් මේ වෙනකොට තේරුම් අරගෙන ඉන්නෙ. මට ෆාදර්කෙනෙක් විදිහට දැනෙන දෙයක් තමයි මම කියන්නෙ. සියලූම ජනතාව අපේ ජනතාව තමයි. විශේෂයෙන්ම කතොලික ෆාදර් කෙනෙක් විදිහට කතෝලික ජනතාව පීඩා විඳින ප‍්‍රශ්නයක් විදිහට මට මේ ප‍්‍රශ්නයට මැදිහත් නොවී ඉන්නට බැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජය ගන්න පියවරත් එක්ක මම දැඩි කනස්සල්ලෙන්, වේදනාවෙන් පසුවෙන්නෙ. මට තියන ලොකුම වේදනාව තමයි, ‘වරාය මූල්‍ය නගරය’ කියල නම වෙනස් කරගෙන මහින්ද මහත්තයටත් වඩා සූක්‍ෂම ලෙස, දක්‍ෂ ලෙස මේ රජය මේ කරන්නට යන පරිසර විනාශය. මූල්‍ය නගරය කියන මේ සංකල්පයට, ඇයි සදාචාරාත්මක අයිතියක් තියන කතෝලික සභාව මැදිහත් වෙන්නෙ නැත්තෙ?
මගෙ අම්මා, ඈ විශ‍්‍රාමික ගුරුවරියක්. මට මතකයි අම්මා කියනව, එක කාලෙක සිරිමා මැතිණියගේ ආණ්ඩුව පල්ලියෙන් කරගන ගිය කතෝලික ඉස්කෝල රජයට පවරාගන්න යනකොට, ඒකට විරෝධය දක්වන්න, අපේ අම්ම මාවත් කිහිල්ලෙ ගහගෙන අනිත් අයත් එක්ක ඉස්්කෝලෙ මුරකෙරුව, ඉස්කෝලෙ නිදා ගත්ත කියල කියනව. ඒ විදිහට කතෝලික ජනතාව මේ ඉස්කෝල ආණඩුවට ගන්නවට විරෝධය පෑව. ටීචර්ස්ලා ළමයිනුත් අරගෙන මේ සටනට බැස්ස. එහෙම කරන්න කවුද මේ කතෝලික සභාව උසි ගැන්නුවෙ. පල්ලියෙ හිටපු ස්වාමි. අනිවාර්යෙන්ම එම ස්වාමිල, පල්ලියෙ හිටපු නිල සභාව, රාජගුරු මණ්ඩලය එකතුවෙලා මේ කතෝලික ජනතාව සමග ‘ළමයින්ගෙ අධ්‍යාපනයට මේ වෙන්න යන මරු පහරට විරුද්ධ වෙමු’ කියල ඔවුන් ජනතාව පෙළගස්වාගෙන විරෝධය පෑව. නායකත්ව දුන්නෙ ස්වාමිලා. ඒත් ඇයි අද මෙවැනි විපර්යාසයක් වෙනකොට, ඒ විපර්යාසයෙ, ඒ ව්‍යවසනයෙ තියන ආදීනව කතෝලික ජනතාවට වැඩිපුර දැනෙනකොට, ඇයි අපේ කතෝලික ස්වාමිල නිහඬ? කියන ප‍්‍රශ්නය දැඩි ලෙස මට තියෙනව. ඇයි මේ නිල සභාව මේ පිළිබඳව කටයුතු කරන්නට ස්වාමිලට ආරාධනා නොකරන්නෙ? මම හිතන්නෙ ඔබ තමුන්නාන්සෙලා ඒකට උත්තරෙත් දන්ව ඇති. නිල සභාව, වර්තමාන කාදිනල් තුමා ඇතුළු සමස්ත නිල සභාව මේ ප‍්‍රශ්නෙදි චීනෙට යටවෙලා හමාරයි. ඒකෙ ලොකු කතන්දරයක් තියෙනව. කෙටියෙන් කියනව නම්, කියන්න පුලූවන් සීමාවෙන් කියනව නම් ඒක තමයි උත්තරය. දැන් චීනෙට විරුද්ධ වෙන්නට බැහැ. ඒනිසා ඔවුන් මේ සම්බන්ධව මැදිහත් වෙන්නෙ නෑ විතරක් නෙමෙයි  සමහර විට මේක හරි, හොඳයි, යහපත්, ඇයි මොකද වෙන්නෙ එහෙම කරපුවම, දැන් දියුණු රටවල්වල මේක වෙනවනෙ, බලන්නකො මේ සංකල්ප කොච්චර ලස්සන ද කියමින් මේක සාධාරණය කරනව.
දෙවෙනි කාරණාව තමයි මම දන්න පාරිසරික කාරණයක් තියනව ‘ධරණීය සංවර්ධනය’ කියල. මේ සංකල්පය පළවෙනි වතාවට ලංකාවෙදි කතාකෙරුවෙ එප්පාවල පොස්ට්පේට් නිධිය සම්බන්ධයෙන් වෙච්ච ආරවුලෙදි. ධරණීය සංවර්ධයෙදි කියන්නෙ ස්වභාවික සම්පත් ඒ ධරණීය සංවර්ධනයෙදි භාවිතා කරන්න අවශ්‍යයි. ගැටළුවක් නෑ. නමුත් ඒ ස්වභාවික සම්පත්  ඕනෑවට වඩා භාවිතා කරන්නට බැහැ. කොහොමද අපි දැනගන්නෙ  ඕනැවට වඩා භාවිතා කරනව කියල. එසේ ස්වාභාවික සම්පත් භාවිතා කිරීමේ දී පාරිසරික අසමතුලිතතාවයක් ඉන් වෙනවා නම්, ඒ කියන්නෙ එකතැනකින් කළුගල් කඩනකොට තව තැනකින් නාය යනව නම් ඒක පාරිසරික අසමතුලිත තාවය. දෙවැනි කාරණාව තමයි එසේ සම්පත් භාවිතාව තුළ අනාගත පරපුරට ඒ සම්පත් භුක්තිවිඳීමේ අයිතිවාසිකම නැති වෙනව නම් එතැනදිත් වෙන්නෙ අසමතුලිත තාවයයි. මෙන්න මේ කාරණා දෙක මේ මූල්‍ය නගරයට ආදේශ කරපුවම පැහැදිලිව පේනව මෙතන ස්වභාවිත සම්පත් අධික ලෙස භාවිතාකිරීමක් කියන එක. ස්වභාවික සම්පත් අවභාවිතයක් කියන එක. ඒ අනුව බැලූවොත් එහෙම කිසිම අයිතියක් නැහැ මේ රජයට මේ ව්‍යාපෘතිය කරගෙන යන්නට නමුත් මම දන්න දේ තමයි කතා කෙරුවෙ. අපි මේ අවස්ථාවෙදි පෙළ ගැහැන්නට  ඕනෙ මේ සිදුවෙන පාරිසරික හානිය අවම කරගන්න.
අපේ ධීවර ජනතාවට ඔවුන්ගේ රැුකීරක්‍ෂා නැතිවෙනව නම්, ඔවුන්ගේ ජීවිකාව නැතිවෙනව නම් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න අපිට දිවැසිවර කාර්යක් තියෙනව. සිවිල් පුරවැසියන් හැටියට  අපි උත්සාහ කරමු මේ තියෙන පාරිසරික ව්‍යවසනය අවම කරගන්න. නවත්වන්න නම් බැරිවෙයි. රජයට බලපෑමක් කරන්න, කලින් රජය කපුදේවත් කරගන්න උත්සාහ කරමු. කලින් රජයට වැඩිය මේ රජය ඉඩනුත් වැඩියෙන් දෙනව. රේසින් ට‍්‍රැක් වගේ එකක් දෙකක් අඩු කෙරුවට තවත් ගෝඩාක් දේවල් එකතු කරල තියෙනව. අඩුම ගානේ මෙය පරිසරයට දරන්න් පුළුවන් සංවර්ධනයක් ලෙස කරගෙන යන්න කියල පුරවැසි එකමුතුව විදිහට අපි රජයට බලකර සිටිනව.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *