පසුගාමි ජාතියක් බව පිළිගන්නාතුරු දියුණු ජාතියක් වෙන්න බෑ- ලූෂන් බුලත්සිංහල

යුක්ති ගරුක සාධාරණ සමාජයක් අපිට අහිමි වී ගියේ ඇයි ? කියන එක සහ ඇයි ? අපි ඒ සඳහා අරගල කරන්නේ කියන එක අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි. මේකට දෙන්නට තියෙන කෙටිම පිළිතුර වන්නේ යම් තරමකට හෝ තිබු සාධාරණ සමාජය අපිට අහිමි වී ගිය හෙයින් අරගල කරන්නට සිදු වූවාය යන්න යි. ඒ අරගලය අපි ආරම්භ කළේ 2015වේ ජනවාරි 08 වෙනිදාට පෙර සිටය. එහි ප්‍රතිඵලයක් නිසයි අපිට 2015 ජනවාරි 08 යම් ජයග්‍රහණයක් ලබාගැනිමට හැකි වන්නේ.
මම දකින ආකාරයට මගේ ජිවිත කාලයේ දී ආණ්ඩු ගණනාවක් වෙනස් කිරීමට මා දායක වි තිබේ. ඒක වසරක 50ක් තිස්සේ මා කළ දෙයක්. මා දකින එක දෙයක් තමයි මේ ආණ්ඩු පෙරළිම තුළින් අපි බලාපොරොත්තුවන සමාජ සාධාරණත්වය, සාධාරණ සමාජය හෝ අපිට ගොඩනගා ගන්නට නොහැකි වූ බව. අදත් ඒක ඒ ආකාරයෙන්ම ඔප්පුකර තිබේ. එහෙම නම් අපිට කරන්නට තිබෙන්නේ කුමක් ද? අපි අපිව තේරුම් නොගෙනයි අපි මේ වැඩ කරන්නේ. එතන දි අපි කරන දේ ගැන අපිට හරි අවබෝධයක් තියෙනවා ද කියන එක ගැන අපි නැවත සිතා බැලිය යුතු ය. අපිට අප්‍රිය වූ පිරීස් ආණ්ඩුකරන විට ඒ මිනිසුන් පලවා හැරීමට අපි කටයුතු කරන අතර අපි කැමති පිරිස් බලයට පත්කර ගැනීමට කටයුතු කරන්නෙමු. ඊ ළගට ඒ අපි පත්කරගත් පිරිස්ම අපිට නැවත අප්‍රිය වේ. මේකේ හේතුව කුමක් ද? මම දකින එකම දේ තමයි අපි අවබෝධ කරගෙන නෑ වෙනස් විය යුත්තේ ආණ්ඩු ද නැත්නම් අපි ද කියන එක. මම විශ්වාස කරන ආකාරයට වෙනස් විය යුත්තේ අපි ය. අපි අපිව වෙනස් කරගන්නේ නැතිව මේ යන ගමනේ නිමාවක් වෙන්නේ නෑ.
ඇයි අපිට සාධාරණ සමාජයක් අහිමි වී ගියේ. වසර 2000 ගණනක අතීත උරුමයක් තියෙන පිරිසිදු ජීවන දර්ශනයක් ඇති බුද්ධ දර්ශනයවගේ දර්ශනයක් අනුගමනය කළ මිනිස්සු ජාතියක් සාධාරණ සමාජයක් හොයාගන්නට තමවත් කෑ ගසති. ඇයි ඒ ? අපිට දායද වූ බුද්ධ දර්ශනය අපි අතින් ගිලිහී ගොස් ඇත. ඒකෙන් අපි ප්‍රයෝජන ගත්තේ නැත. ඒ නිසා අපි හැමදාමත් පන්සිල් ගන්න ජාතික් වෙලා, හොරු ගැන කථාකරන්නට සිදු වී ඇත. හැම උත්සවයකදීම පන්සිල් ගනිති. නමුත් ඒ පන්සිල් ගන්න මිනිස්සු අතිමහත් බහුතරය හොරු බව අපි දනිමු. ඒ දැන දැනත් පන්සිල් ගනිමු. මෙන්න මෙතනයි ඒ වැරැද්ද තිබෙන්නේ. අපි අපිව අවබෝධකරගෙන නෑ, අපි බුද්ධ දර්ශනය ප්‍රායෝගික පාචිච්චිකරන ජාතියක් බවට පත්වී නැත. ඒ නිසා අපිට සාමාන්‍ය සමාජයත් අහිමිවි ගියේ ය. වැඩවසම් රාජ්‍ය අවසන් වි අපිට වසර හැට හැත්තෑවකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය හිමිවිය. ඒ ප්‍රජාතන්ත්‍රවාදි සමාජයත් අපි අතින් ගිලිහී ගියේ ය. ඒ නිසා තමයි අපිට පුරවැසි බලයත් අහිමි වි ගියේ. පුරවැසියනට් බලය අපි ලබාදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාසය තුළිනි. එවිට ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසියාට අහිම වෙනවාය කියන්නේ අපි නැවතත් කිසියම් රාජ්‍යයක යටත් වැසියන් බවට පත්වීම ය. මෙන්න මේ කාරණාව තමයි හරියට ම බැරෑරුම්ලෙස පෙන්නුම් කරන වර්ෂය 2014 වන්නේ. ඒ කාලයේ තමයි අපේ තිබුණු සියලුම අයිතිවාසිකම් නැතිවී ගොස් සකලවිධ ප්‍රජාත්න්ත්‍රවාදය හා අයිතිවාසිකම් නැතිවී ගොස් අපි යටත් වැසි රාජ්‍යයක ප්‍රවේනිදාස තත්වයට පත්වන්නේ.
මේ තත්ත්වය තුළ තමයි අපිට හිතෙන්නේ මොකක් හරි වෙනසක් කරන්නට ඕනැ බව. ඒ වෙනස තමයි අපි මේ කර තිබෙන්නේ. දැන් අපි හිතනවා නම් ඒ තුළින් සියල්ල සිද්ධවන බව. ඒක විශාල මිත්‍යාවක. අපි බුද්ධාගම යොදාගෙන තිබෙන්නේ මිත්‍යාවන් සඳහා පමණක් මිස යථාවාදි ජීවන දර්ශනයක් ලෙස නොවේ. අද බුද්ධාගම පාවි්චි වන්නේ පුජා පැවැත්විමට ය. එයට අමතරව මිත්‍යා විශ්වාසයන් ප්‍රචලිත කරන ඉතාමත්ම කණගාටුවට පත්වන දේ වෙනුවෙනි. ඒක ඉතාම නිර්මල දහමකි. ලෝකයේ පහල වූ බොහෝ ධර්මයන්ට වැඩිය මිනිසුන් වෙනුවෙන් කථා කරන දහම බුදු දහම බව මගේ විශ්වාසයයි. කුලවාදය, ජාතිවාදය, ආගම්වාදය යන මේ සියල්ල ප්‍රතික්ෂේපකළ දහමක් ඒක. නමුත් අද මේ රටේ වඩාත්ම ප්‍රචලිත වි තිබෙන්නේ කුළ වාදය, ජාතිවාදය හා ආගම්වාදයයි. ඒ කියන්නේ අපි බුද්ධාගම අතහැරලා කියන එකයි. එහෙම නම් අපිට සිද්ධවෙනවා යළි හිතන්නට. අපි නැවත බුද්ධාගම යොදාගන්නේ කොහොම ද කියන එක සහ ජීවන දර්ශනවයක් ගොඩනගා ගැණිමේ අත්තිවාරමක් ලෙස යොදාගන්නේ කොහොමද යන්න යලි සිතා බලන්නට සිදු වේ. ඒක තමයි යුක්ති සහගත සමාජය වෙන්නේ කවදා හරි.
ඒකෙන් තොරව අපිට නැගීමක් නැත. අපි බරපතල මිත්‍යාවක පැටලි සිටිමු. මම දන්නවා මම පුංචිකාලයේ සිට මා බය උනේ මේ ලෝකයට ය. ඇයි මම මේ ලෝකයට බිය වූයේ. මම ඉපදුනේ ඉතාමත් දරිද්‍රතාවයෙන් යුතු වූ පවුලක ය. එදා වේල කන්නේ කොහොමද කියලා මම බියවීමි. තාත්තා ගෙදර එනතුරු මම සිටියේ බයෙනි. අපේ තාත්තා සමසමාජකාරයෙකි. ඒ කාලයේ සමසමාජ කාරයින්ට හිරිහැර කෙරින. ඒ නිසා අපේ තාත්තා වැඩ ඇරි එනතුරු මම සිටියේ බියකිනි. ඒ නිසා මම සැමදාම බිය වූයේ මේ ලෝකයට ය. අපේ තාත්තා කවදාකවත් පන්සල් ගියේ නෑ. ඒ වුනාට අපි පන්සලේ ඉස්කොලයට යැව්වේ ය. අපි ඉගෙන ගත්තේ බොහොම අමාරුවෙන් හා දුක් මහන්සියෙනි. එදා සිට දුක් මහන්සියෙන් මේ ලෝකය දෙස බලා බියෙන් අපි ජිවත් වුනෙමු. නමුත් මේ ලෝකයේ ප්‍රශ්න විසඳන්නට අපේ හාමුදුරුවෝ අපිට බණ කිව්වේ නැත. හැමදාම අපිට බණ කිව්වේ අපිව පරලෝකයට බය කරලා. අපිව පරලෝකයට බයකරන මේ දහම තමයි මම දකින්නේ අපේ ගැමිජනතාව මංමුලා කිරිමට හේතු වි තිබෙන්නේ. මෙන්න මේකෙන් අපි ගැලවෙන්නට අවශ්‍ය ය. බුද්ධ දර්ශනය යථාවාදි ලෝකයෙන් මිනිස්සු ගලවා ගන්න ධර්මයක් මිසක් මිත්‍යාවෙන් පරලෝකයේ ඉන්න මිනිස්සු ගලවා ගන්න දහමක් නොවේ. අන්න ඒ නිසා අපි මිනිසුන් හැටියට අලුතෙන් හිතන්න පුලුවන් ජාතියක් බවට පත්වුවහොත්, බුදු්ධගම ඇසුරෙන් මේ ලෝකයට බිය, මේ ලෝකයේ යථාර්ථය සමග කටයුතු කරන්නට සුදානම් වුවහොත් එදාට තමයි යුක්ති සහගත සමාජයක් අපිට ගොඩනගා ගන්නට හැකි වන්නේ. අපි භක්තියෙන් වන්දනාමාන කරන බෞද්ධ පිලිමය අද නිකම්ම සිමෙන්ති අච්චුවක ගහපු අඩු ලංසුවේ නිර්මානයක් ලෙස හන්දිගානේ ලතවෙනවා අපි දකිමු. මම නම් බෞද්ධයෙක් ලෙස ඒ ගැන ලැජ්ජාවට පත්වෙමි. නියම බෞද්ධයින් නම් අපි ඒකට ලැජ්ජාවිය යුතු ය. මේක බුදුන්ට කරන මහත් නිග්‍රහයකි. හන්දි ගානේ අපි ඇයි බුදුපිළිම තියන්නේ. අපි තුළ බුදුගුණ නැතිව අපි සිමෙන්ති පිලිමයකට වැඳලා අපි බෞද්ධයෝ කියලා අපි පෙන්නන්නට සැරසෙමු. ඒක හරි ද? මේවා තමයි අපි හිතන්නට අවශ්‍ය. මම දකින්නේ බෞද්ධ දර්ශනයෙන් නියම ආකාරයට යොදාගන්නා ජාතියක් උනානම් අපිට මේ වින්නැහිය සිදු වෙන්නේ නැත. මේක අපිට පමණක් නොව සිදු වි තිබෙන්නේ. අපේ දකුණු ආසියාතික කලාපයේ සහ තවත් නැගනෙහිර ආසියාවේ බොහෝ රටවල් අද මේ තත්ත්වයට පත්වී ඇත. මැලේසියාව, ඉන්දුනිසියාව වගේ රටවල් බෞද්ධරාජ්‍යයන් බවට පත්වී තිබුනා මීට පෙර කාලයේ දි. නමුත් ඒවාට ඉදිරියට යන්නට නොහැකි විය. යන්න බැරිවුනාම ඒ අය වෙනත් දිහාවකට යති. නමුත් මේක යුරෝපයේ සිද්ධ වූයේ නැත. යුරෝපයේ ඉතා තදබල කතොලික රාජ්‍යයන් බවට පත්වී තිබු රටවල් අද ස්වාධින, නිදහස් මිනිසුන් බිහිකරන රටවල් බවට පත්වි ඇත. කොහොමද ඒක සිදුවූයේ. ඒක සිදු වූයේ අපේ මේ ආසියාතික රටවල කිසිදාක පුණර්ජිවනයක් සිදුවූයේ නැත. වින්තන විප්ලවයක් සිදුවූයේ නැත. ඒ නිසා අදත් අපි වැඩවසම් මඩගොහොරුවේ ගැලී සිටිමු. යුරෝපයේ ඒ මිනිසුන් තවදුරටත් පල්ලි යන්නේ නැත. ඒ අයගේ ජිවනක දහම වි තිබෙන්නේ සාහිත්‍ය, කලාව සහ මානවවාදය වේ. අපි ආගම අල්ලාගෙන, ජාතිය අල්ලාගෙන දගලන කොට ඒ රටවල මිනිසුන් ඉතාමත්ම ඉහළ ලෙස මානවවාදින් බවට පත්වි සිටිති. මෙන්න මේකයි අපේ පරාජය. අපිට වෙලාතිබෙන දේ අපි පිළිගතයුතු ය.
හේතුව අපි මේ ගැන නොසිතන හෙයින් ලංකාවේ කවුරුවත් කථාකරන්නෙ නෑ කලාව තුළින් ලංකාවේ දළ ජාතික නිස්පාදනයට යමක් එකතු කළ හැකි බව. නමුත් ලෝකයේ දියුණු හැම රටක් ම ජාතික නිෂ්පාදනයට කලා නිර්මාන තුලින් විශාල නිෂ්පාදන ධාරිතාවයක් එකතු කරති. ඒ නිසා අපි ඉතා පසුගාමි ජාතියක්. අපි ඒක පිළිගතයුතු ය. එසේ පිළිගතහොත් පමණයි අපිට දියුණු ජාතියක් බවට පත්වන්නට හැකි වන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *