විපක්ෂයේ සහයෙන් ආණ්ඩුවට 22 සංශෝධනය සම්මත කරගත හැකියි – පුජ්‍ය අතුරලියේ රතන හිමි

 

ආණ්ඩුව තුළ කණ්ඩායමක් විරුද්ධ වී ඇතත්, විපක්ෂයේ සහය ලැබෙන බැවින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත හැකිවනු ඇතැයි පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කරති.

විපක්ෂයේ පක්ෂ සියල්ලෙහිම පාහේ සහය 22 සංශෝධනයට ලැබෙනු ඇති බවත්, ඒ අනුව එය සම්මත කිරීමට අවශ්‍ය ඡන්ද 150 ක සංඛ්‍යාව ලබාගත හැකිවනු ඇති බවත්, උන්වහන්සේ කියති.

22 සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබාගත හැකිවන බවට අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ද විශ්වාසය පළ කොට තිබිණි.

මෙම සංශෝධනය හෙට (20 ) සහ අනිද්දා (21) පාර් ලිමෙන්තුවේ විවාදයට ගැනීමට නියමිත අතර ඡන්ද විමසීම අනිද්දා සිදු කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *