ඉක්මන් මැතිවරණයකට යන්නැයි මහින්දගෙන් පොහොට්ටුවට උපදෙස් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය රැකගැනීම සඳහා ඉක්මන් මැතිවරණයකට මුහුණ දීම වඩා වාසිදායක බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකයින්ට උපදෙස් දී ඇති බව තතු දත් ආරංචි මාර් ග  මගින් දැනගන්නට ඇත.

පක්ෂයෙන් තරඟ කොට මතක දී ඉවත්ව ගිය කණ්ඩායම් ඡන්දදායකයා අතරට යන්නට පෙර මැතිවරණයකට ගොස් පක්ෂයේ බලය තහවුරු කරගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වී තිබේ. විපක්ෂයේ ද බෙදීම් ඇති වී ර්අබුදවලට මුහුණ දී සිටින නිසා එම තත්ත්වයේ වාසි ලබාගෙන පක්ෂයේ බලය තහවුරු කරගත හැකි වන බව ඒ මහතාගේ අදහස යි.

ඔනෑම මැතිවරණයක් ජය ගැනීමට තමන්ට හැකියාව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා නාවලපිටියේ දී ප්‍රකාශ කිරීමත්, මහින්දානන්ද අලුත්ගමගේ මහතා මැතිවරණයකට අභියෝග කිරීමත් මෙම සාකච්ඡාව්වල ප්‍රතිඵල බව කියති.

තමන් මැතිවරණයකට සුදානම් බව පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ද ප්‍රකශයක්කොට තිබේ.

තම පක්ෂයේ ඡන්දවලින් පත් වී දැන් විපක්ෂයේ සිටින පිරිසගේ සැබෑ ඡන්ද පදනම මැතිවරණයක දී හෙළිවනු ඇති බව පොදුජන පෙරමුණේ නායකයින්ගේ විශ්වාසය වී තිබේ.

පක්ෂයේ පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්  මහ මැතිවරණයකට මුහුණ දීමට කැමැත්තක් නොදක්වන බැවින් පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට සුදානම් වන ලෙස මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයට උපදෙස් දී ඇතැයි කියති.

පොහොට්ටුවේ ජනවරම අහෝසි වී ඇතැයි විපක්ෂය කරන ප්‍රකාශය නිශේධ කිරීම ද මෙමගින් කළ හැකි වෙතැයි අපේක්ෂා කෙරෙයි.

ජනතාව තවමත් සිටින්නේ තමන් සමග බව පොහොට්ටු පක්ෂ නායකයින්ගේ විශ්වාසය වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *