ජනාධිපතිගේ පොරොන්දුවෙන් පොහොට්ටුවේ 22 විරෝධයේ රැස් බහී !

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනයට එරෙහි වීමට පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසක් සුදානම් වී සිටි නමුත් තමා පාර් ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වීම නිසා විරෝධය දැක්වූවන් නිහඬ වූ බව වාර් තා වෙයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඊයේ පැවති රැස්වීමේ දී මෙම තත්ත්වය ඇති වී තිබේ.

වසර දෙක හමාරකින් පාර් ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති බලය ඉවත් නොකරන්නේ නම් සංශෝධනයට ඡන්දය නොදෙන බව ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ ද , විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කළේ නීතිපතිගේ උපදෙස් අනුව එය කළ නොහැකි බව යි.

එම තත්ත්වය තුළ ජනාධිපතිතුමා කියා ඇත්තේ බලය තිබුනත් තමා පාර් ලිමේන්තුව විසුරුවා නොහරින බව යි. ඒ අනුව 22 සංශෝධනය පිළිබඳව පක්ෂ කණ්ඩායමේ මත ගැටුම අවසන් වී තිබේ.

කෙසේ වෙතත්, සරත් වීරසේකර මහතා ඇතුළු කිහිප දෙනෙකු 22 සංශෝධනයට ඡන්දය නොදෙන බව ප්‍රකාශ කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *