ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින්ගෙන් විපක්ෂයටත් , වැඩට ගිය සේවකයින්ටත් කුණු බැනුම්

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනතට විරුද්ධව ඡන්දය දීමෙන් මගහැර ගිය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙන් ම වැඩට පැමිණ ඛනිජ තෙල් බෙදාහැරීම යතා තත්ත්වයට පත් කළ සේවක පිරිසට ද එහි ඇතැම් වෘත්තීය සමිති නායකයින් කුණු බැනුම් බනිමින් සිටින බව වාර් තා වෙයි.

සති ගණනක් මහන්සි වී කළ සටන විපක්ෂය සහ ඇතැම් සේවක පිරිස් විසින් පාවා දුන් බවත්, ඇතැම් වෘත්තීය සමිති ද පාවා දීමට හවුල් වී ඇති බවත් , ඔවුහු කියති.

මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට කාර් යාලවලට ගොස් පනතට විරුද්ධ වන්නැයි ඉල්ලා සිටියත් විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය 17 ක් වුයේ කෙලෙස දැයි ඔවුහු ප්‍රශ්න කරති.

කෙසේ වෙතත්, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කියන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් සහ වෘත්තීය සමිති කෙරෙහි ඇති ජනතා විරෝධය බරපතළ බවයි. එයට එරෙහිව කටයුතු කොට ගමට යා නොහැකි තත්ත්වයක් පවතින බව ඔවුහු කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *