තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අවසන් කිරීමේ පනත වැඩි ඡන්ද 60 කින් සම්මතයි

 

ඛනිජ තෙල් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ තෙල් සංස්ථා ඒකාධිකාරය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද , ඛනිජ තෙල්  නිෂ්පාදන (විශේෂ විධිවිධාන) ( සංශෝධන) පනත් කෙටුම්පත  වැඩි ඡන්ද 60 කින් පාර් ලිමේන්තුවේදී අද (18) පස්වරුවේ සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 77ක්  ලැබුණු අතර  ඊට  විපක්ෂව ලැබුණේ ඡන්ද දාහතක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සහ   සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පනතට විරුද්ධ ඡන්දය ප්‍රකාශ කළහ.

තෙල් ආනයනයේ සහ බෙදාහැරීමේ  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තිබු ඒකාධිකාරය මෙමගින් අවසන් කෙරෙන අතර ඛනිජ තෙල් ගෙන්වා බෙදා හැරීමට තවත් සමාගම් කිහිපයට අවස්ථාව සලසා දීම මෙම නීතිය මගින් සිදුවනු ඇත.

පනත සම්මත කිරීමට එරෙහිව තෙල් සංස්ථා වෘත්තීය සමිති වැඩ වර්ජනයක් කැඳවා තිබිණි. එමගින් අද දිනයේ උදය වරුවේ තෙල් බෙදා හැරීමේ  කටයුතුවලට බාදා පැමිණ තිබුණ ද සවස් වන විට බෙදා හැරීම් කටයුතු යතා තත්ත්වයට පත්ව තිබු බව වාර් තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *