22 ට ඡන්දය නොදුන්නත් පොහොට්ටු ලැයිස්තුවට ඇමැති ධුර දෙන්න බැහැ – ජනපති යලි කියයි

යෝජිත 22 සංශෝධනයට ඡන්දය දීම සඳහා තමන් ඉදිරිපත් කොට ඇති නම් ලයිස්තුවේ පිරිසට කැබිනට් ඇමැති තනතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යලිත් වරක් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර් තා වෙයි.

එම ලයිස්තුවේ ඇති, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත බෝගොල්ලාගම , මහින්දානන්ද අලුත්ගමගේ සහ නාමල් රාජපක්ෂ යන සතර දෙනාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම දැඩි විරෝධය ප්‍රකාශ කොට තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන ලද්දේ පසුගිය අගෝස්තු මාසයේ ය. මාස දෙකක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා එම නම් ප්‍රතික්ෂේප කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *