පොහොට්ටුවේ තවත් බෙදීමක් ; බැසිල්ට එරෙහි පෙරමුණක් හැදෙයි

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් නව කණ්ඩායමක් බිහි වී ඇති බව තතු දත් දේශපාලන අංශ ප්‍රකාශ කරයි.

ආණ්ඩු පක්ෂය තුළ කටයුතු කරන මෙම කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වඩා සමීපව කටයුතු කිරීමට තීරණය කොට ඇති බව කියති .

ඇමති රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් වීම මෙම නව පෙරමුණ බිහිවීමේ මුල් පියවරක් ලෙස සිදු වී තිබේ. පසුගිය දා ගිරිතලේ පැවති රැස්වීමක දී නව දිස්ත්‍රික් නායක ලෙස සිරිපාල ගම්ලත් මහතා පත්කරනු ලැබීය. ඔහු බැසිල් වාදී කණ්ඩායමේ ප්‍රබලයෙකි.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40 ක පමණ කණ්ඩායමක් මෙලෙස වෙන ම වැඩ කරන්නට තීරණය ගෙන ඇති බව වාර්තා වී තිබේ.

මේ අතර එම පක්ෂයේ තවත් පිරිසක් එකසත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට ද සාකච්ඡා කරමින් සිටිති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *