මෙය හැර වෙන මාවතක් නැහැ ; සියලු දෙනා සහය දිය යුතුයි – අර්නස්ට් ඇන්ඩ් යන්ග්  බදු විශේෂඥ දුමින්ද හුලංගමුව

රටේ වත්මන් ආර් ථික තත්ත්වය යටතේ බදු ක්‍රමයේ මෙම ප්‍රතිසංස්කරණය සිදු කළ යුතු ම බවත්, ඒ  හැර ර්අබුධයෙන් ගොඩ යාමට වෙනත් මගක් නැති බවත්, එයට සියලු දෙනා සහය දිය යුතු බවත්, ර්අනස්ට් ඇන්ඩ් යන්ග් බදු විශේෂඥ දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කරයි.

මෙතෙක් කල් අප කළේ දේශපාලන හේතු මත ජනතාවට නොයෙක් සහන දෙමින් එම මුදල පියවීම සඳහා ණය ගැනීම බවත් , දැන් එය තවදුරටත් කළ නොහැකි බවත් ඒ මහතා කියයි.

ලක්ෂ තුනක් සහ ඊට ඉහළ ආදායම් ලබන අයට විශාල බදු අනුපාත අනුව බදු ගෙවීමට සිදු වී ඇති නමුත්, රුපියල් දහ දාහ ,විසි දාහ ආදායම් ලබන පිරිසක් රටේ සිටින බවත්, ඔවුන්ට සහන දීම ආණ්ඩුව කළ යුතු බවත්, කියන හුලංගමුව මහතා ඉහළ ආදායම් ලාභීන් ඒ සඳහා කැපවීම් කළ යුතු බව ද කියයි.

“ශ්‍රී ලංකා බිස්නස් ටී වී” සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

විදේශ සේවාවල නියුක්ත වුවන් සඳහා බදු පනවා ඇති බවට පලවන පුවත්වල සත්‍යතාවයක් නැති බවත්, එබඳු බදු පැනවීමක් සිදුකොට නැති බවත්, හුලංගමුව මහතා වැඩි දුරටත් කී ය.

එමෙන් ම කුඩා සහ මධ්‍යම ව්‍යාපාර සඳහා බදු පනවා ඇත්තේ ආදායම මත නොව සියලු වියදම් අඩු කළ පසු ලබන ලාභය මත බව ද හුලංගමුව මහතා පැහැදිලි කළේය.

වත්මන් ආර් ථික ර්අබුදය හමුවේ මෙම බදු පැනවීම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයක් බව හුලංගමුව මහතා කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *