ලෝක සාගිනි ර්දශකයේ ශ්‍රී ලංකාව හොඳ තැනක ; දකුණු ආසියාවේ ඉදිරියෙන් ම

 

පසුගිය දා ප්‍රකාශයට පත් වූ මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය හිමිකර ගෙන දකුණු ආසියානු රටවල් අතර ඉදිරියෙන් ම සිටීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

සාගින්න අඩු සිට වැඩි වන ලකුණු දීම් අනුව 0 – 100 ලකුණු පරාසයක ලකුණු 13.6 ක් ගෙන ශ්‍රී ලංකාව 64 වැනි ස්ථානයේ පසුවන විට, ලකුණු 19.1 ක් හිමි කරගත් නේපාලය 81 ස්ථානයේ ද, ලකුණු 19.6 ක් ලබාගත් බංග්ලාදේශය 84 වැනි ස්ථානයේ ද,  26.6 ගත පකිස්ථානය 99 ස්ථානයේ ද, 29.9 ක් ගත් ඉන්දියාව 107 වැනි ස්ථානයේ ද, 29.9 ක් ගත් ඇෆ්ඝනිස්තානය 109 වැනි ස්ථානයේ ද පසුවෙයි.

මෙම ර්දශකයේ දී සැලකිල්ලට ගනු ලබන්නේ රටක මන්දපෝෂණ තත්ත්වය, වයසට අනුව උසින් අඩු ළමයි ප්‍රතිශතය, වයසට අනුව බරින් අඩු ළමයි ප්‍රතිශතය සහ ළදරු මරණ අනුපාතය යන සාධකයි.

මෙවර සාගිනි දර්ශකයට රටවල් 121 ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකාව ලකුණු 13.6 ක් ලබා ගනිමින් 64 වෙනි ස්ථානය හිමිකරගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාව සාගින්න අතින් මධ්‍යස්ථ මට්ටමේ පසු වෙයි.ඉකුත් වසරේ සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 116 ක් අතරින් 65 වැනි ස්ථානය හිමිකරගත්තේය.

වේගවත් ආර්ථික දියුණුවක් ලබමින් සිටින ඉන්දියාව ගිය වසරේ සිටි 101 ස්ථානයේ සිට 107 දක්වා පසුබැස තිබීම විශේෂත්වයකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *