ලිංමැඩි වම්මුන්ගේ හොරා පොලිස් චින්තනය –  ප්‍රියශාන්ත රාජපක්ෂ

මේ මොහොතේ වමේ ව්‍යාරවල මෙන්ම අරගලකාරීන් තුලද පවතින ජනප්‍රිවාදී අදහස වන්නේ රාජපක්ෂලව අල්ලා හිරේ දමා ඔවුන් විසින් හොරාකෑ ධනය නැවත පවරාගෙන ඒ හරහා වර්තමාන ආර්ථික ර්අබූදය ජයගන්නවා යැයි කියන ව්කාර අදහසයි. ඇත්තෙන්ම මේ අදහස මහද්වීපික ආර් ථිකය ගැන මෙලෝ අවබෝධයක් නැති මෙතෙක් පැවති සාම්ප්‍රදායික ජාතිකවාදී චින්තනයේම පුනරාවර්තනයකි…

ගමක යම් පුත්ගලයෙකුගේ යම් වස්තුවක් සොරෙකු විසින් සොරකම් කලවිට වස්තුව නැතිවූ ගැමියා මුලින්ම කරන්නේ දේවාල ගානේ ගොස් සොරාට පලිගැසීමය. එහිදී නැතිවු වස්තුව සොයාගැනීමටත් වඩා නොහික්මුණු ගැමියාගේ අපේක්ෂාව සොරාගෙන් පලිගැනීමය. මෙහිදී රාජපක්ෂලා හිරේ දැමීම යනුද පෙරකී ආර්ථික විද්‍යාව නොදත් ගොවියාගේ මනෝබාවයටම සමාන හොරුන්ට කෙලවීමේ ආශ්වාදයයි.

වර්තමානයේ මේ හොරු අල්ලන කැම්පෙන් එක යනු මහින්දගේ දෙමළුන්ගෙන් රට බේරාගැනීමේ කැම්පේන් එක වර්ගයේම ග්‍රාම්‍ය බහුතරයට ආතල් දෙන විපක්ෂයේ ඇජෙන්ඩාවකැයි කිවහොත් එය නිවැරදි යැයි සිතමි..

ඈත ගමක කෙසෙල් කැන් සොරකමක් සිදුවූ විට සොරා අල්ලා ගුටිදුන් විට සොරබඩු සැඟවූ තැන් සොරාගෙන්ම දැනගත හැකිය. නැවත සොරාගත් කෙසෙල් කැනද ලබාගත හැකිය. නමුත් පැනමා පේපර්ස් හොරු සහ ඉන්ටර්නැෂනල් කොමිශන් හොරු එසේ ඇල්ලිය නොහැකිය. මන්ද, ඒවා ණය ලබාදෙන හා ලබාගන්නා දෙපාර්ශවයේම එකඟතාවය මත සිදුවන මහද්වීපික අතයට ගනුදෙනුය.

අනික හොරා කෑ ධනය ගමේ ගොඩේ හොරුන්මෙන් රාජපක්ෂලා මැදමුලනේ ග්‍රාමීය බැංකුවේ තැන්පත් කරන්නේ නැත.(ඒවා මේවන විටත් පවතින්නේ රටෙන් පිටතය.) අනෙක් පැත්තෙන් උගන්ඩාව වේවා ශ්‍රී ලංකාව වේවා ලෝකේ ඕනෑම රටක් තුලට පැමිණෙන කළු සල්ලි එරටට සම්පතකි. එහිදී එකී රට එකී කළු සල්ලිවල රහස්‍ය බාවය රැකීමට බැඳී සිටී. ලංකාවේ ඉදිවෙන පෝට්සිටි ව්‍යාපෘතියේ පවා එක් අරමුණක් නම් එවන් කළු සල්ලි ඇදගැනීමය.

අනෙක් පැත්තෙන් මේ මහා ආර්ථික අර්බුදය හුදු රාජපක්ෂලගේ හොරකමට පමණක් ලඝුකරන්නනම් එහි ඇත්තේද සැබෑ අර්බූදය යට ගහන ප්‍රයෝගකි..

සැබෑ ර්අබූධය ඇතිවූයේ මහාපරිමාණ විදේශ ආයෝජන වලට රට තුලට පැමිණීමට ඉඩ නොදී මැදපෙරදිග කාන්තා ශ්‍රමය සහ ඇඟලුම් ශ්‍රමය හා වතු ආර්ථිකයේ ශ්‍රමය පමණක් විකිනීමෙන් ලැබෙන විනිමය සෙච්චමෙන් කිසිදු විනිමයක් නූපදවන මධ්‍යම පාන්තික රාජ්‍ය නිලධාරී පදාසයක් දීර්ඝකාලයක් තිස්සේ නඩත්තු කිරීමේ විපාකයෙන් බව වමාංශිකයන් විසින් මගහරින කරුනයි.

ලාංකීය බූමියේ ලෙහෙසියෙන් ජනප්‍රිය කලහැකි ඊනියා ජාතික ආර්ථික චින්තනය නිර් මාණයවී ඇත්තේ දීර් ඝ කාලීන වැඩවසම් අත්දැකීම් හා ආබාශයන්ගෙන් සැදුම්ලත් අදහස් පද්දතියකිනි.(රජ දවස කෘෂි ආර් ථිකය නැවත පුනස්ථාපන කිරීම හා වර්තමානයේ හොරු ඇල්ලීමද එහිම කොටසකි) මේ චින්තනය වෙනස් නොකර ලාංකීය ආර් ථිකයේ කිසිදු සාධනීය වෙනසක් සිදුකල නොහැකිය.

නමුත් ලංකාවේ වමේ යැයි කියාගන්නා ව්‍යාපාර පවා මේ ආචීර් නකල්පික අදහස් පද්ධතියට අතවත් තබන්නේ නැත.
ඒ වෙනුවට ඔවුන්ද සමාජවාදය කරා යෑමට තෝරාගෙන ඇත්තේ එකී ආචීර්නකල්පික මාවතයි.

නමුත් මාක්ස් පවා පැවසුයේ “ඉතිහාස ප්‍රාදේශීයවාදී පාෂාණිබූත සඹඳතා ඒවායේ පූජනීය අගතීන් හා මතයන් රොත්තද සමඟ ඉතිහාසයෙන් අතුගාදැමිය යුතුවන්නා සේම එසේ වීමට නියමිත බවය”
මෙහිදී වාමාංශිකයන්ගේ අවදානය පිනිස මාක්ස්ගේ ප්‍රකාශයේ ඉතිරියද උපුටා දක්වමි.

ධනවාදය විසින් සෑම රටකම නිශ්පාදනයට හා පරිබෝජනයට  සර් වබෞමික ස්වරූපයක් ලබාදී ඇත. එය ආචීර් නකල්පිකයින් කෝපයට පත්කරමින් ර්කමාන්තයේ දෙපා යටින් එය නැගී සිටි ජාතික පදනම ඉවතට ඇද දමා තිබේ.. පැරණි ප්‍රාදේශීය හා ජාතික හුදෙකලා බාවය සහ ඊනියා ස්වයංපෝෂිත බව වෙනුවට සෑම දිසාවකටම වූ අන්තර් පරායක්ත තාවය නිර්මාණය කර දී ඇත

ජ.වි.පෙ. විසින් එක යුගයක වැව් දහසක් හෑරීමේ ඇජෙන්ඩාවක නිරතව සිටියේය. ඇත්තෙන්ම එකී ව්‍යාපෘතිය වූකලී පෙරකී අතීතකාමී රජදවස ප්‍රමෝට් කරන ජනතාවාදයට ආතල් දුන් රටේ මුදල් කාබාසිනියාකල ප්‍රොපගැන්ඩාවක් විනා නූතන යථාර්ථයේ තිබූ ආර්ථික ව්‍යාපෘතියක් නොවේ…

එවන් හැසිරීම් මාක්ස්වාදයට පමණක් නොව ධනවාදය පවා පටහැනි වැඩවසම් අතීතකාමයකට කප්පම් ගෙවීම්ය.

කෙසේ හෝ දිනපතා චූන්වන මේ හොරු ඇල්ලීමේ කැම්පෙන් එකේ අවසාන ප්‍රතිපලය අපි කවුරුත් නොසිතන නරක තැනකට තල්ලුවීමටද ඉඩ ඇත.

මෙහිදී මිනිසුන් විසින් රාජපක්ෂලාට උපරිමයෙන් දඬුවම් ලබාදීම සඳහා ෆොන්සේකා වැනි නරුම දලඳඩු පාලකයෙක් තෝරාගැනීමටද ඉඩ ඇත…

ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *