එක්නැලිගොඩ ත්‍රස්තවාදයට සම්බන්ධ නෑ – රහස් පොලිසිය අධිකරණයට කියයි

රජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් සිදුකර හෝ නොමැති බවත් ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන නඩුවිභාගය ඊයේ දිනද හෝමාගම අධිකරණයේ මහේස්ත්‍රාත් නිල කාමරයේදී වැඩ බලන මහේස්ත්‍රාත් සරෝජා වනිගසේකර මහත්මිය ඉදිරියේ විභාගයට ගත් අතර බන්ධනාගාර ගතව සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් අට දෙනා ද අධිකරණයේ පෙනී සිටි අතර යළිත් මෙම සැකකරුවන් ලබන 06 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් දර්ශන කුරුප්පු මහතා ඇතුළු නිතීඥවරුන් පෙනී සිටියහ .

අද දින නඩු විභාගය පවත්වනු ලැබුයේ මහෙස්ත්‍රාත් නිල කාමරයේ බැවින් මාධ්‍යවේදීන්ට එම අවස්ථාව සඳහා සහභාගිවීමට අවස්ථාව නොලැබුණු අතර අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යයට ප්‍රකාශයක් කළ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප්‍රකාශ කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් මෙසේ පැවසූ

බවයි. ඔහු යම් අපරාධයකට හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධව සිටියේද නැතහොත් යම් අපරාධ කණ්ඩායමකට හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායමකට ආධාර අනුබලදීමක් සිදුකර තිබුණේද යන්න හෝ එසේත් නොමැතිනම් ඔහුට විරුද්ධව යම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න නියෝජ්‍ය පොලිස්පතිතුමා, ගුවන් හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා, යුද හමුදාපතිතුමා ඇතුළු රජයේ ආයතන 10කින් තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගත් බවත් එම ආයතනවලින් සඳහන් කර ඇත්තේ තම ආයතනයන් තුළ ප්‍රගීත් එක්නැලිගොඩ එවැනි කිසිදු දෙයකට සම්බන්ධව සිට නැති බවත්, ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතුකර තිබුණේද යන්න එම ආයතනයෙන් සිදුකළ විමසීමේදී ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක් ලෙස ඔහු කටයුතු කර තිබුණු බව ආයතනයෙන් ප්‍රකාශ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටි බව ඇය වැඩිදුරටත් පැවසුවා.

ගොඩගම – ප්‍රියංගි ජයසිංහ

ගොඩගම – ප්‍රියංගි ජයසිංහ -දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *