අධ්‍යාපන අර්බුධයේ එක පැත්තක්- මහාචාර්ය සරත් විජේසූරිය

ලංකාවේ අධ්‍යාපනය ගුණාත්මක මට්ටමෙන් දියුණු කිරීමට වඩාත් වැදගත් වන සාධකය කුමක් ද යන්න මගෙන් ඇසුවොත් මම දෙන උත්තරය තමයි විචාරශිළි පුරවැසියෙකු නිර්මානය කිරීමට යන්න. මේ කටයුත්ත කිරීමේ දී වැදගත්ම චරිතය වන්නේ ගුරුවරයා ය. ගුරුවරයා කියන චරිතය දුර්වල වෙලා තියෙන්නේ දැනට වසර 30කට පමණ එහා පැත්තේ සිට ය. ් ගුරුවරයා බඳවා ගැනිමේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමේ සිද්ධියේ සිට ය. කවුරුත් දන්නා ආකාරයට එක්තරා කාලයක ගුරුවරු බඳවා ගැණිමට එක සුදුසුකමක් හැටියට පරිහරණය කළා ජනවිය ලැබීම. හැබැයි ඒ අවස්ථාවේදීත් බැංකු ලිපිකරුවෝ හැටියට බඳවා ගන්න විට සාමාන්‍ය පෙළ විභාගය සම්මාන පහක් සමත් වෙන්නට අවශ්‍යයි. ගණිතයට සම්මානයක් තිබෙන්නට අවශ්‍ය ම විය. උසස් පෙළත් විෂයන් ගණනක් ද සමත්විය යුතුව තිබින. එතකොට බැංකුවට කෙනෙක් බදවා ගන්නවිට ප්‍රමිතිය වෙනස් නොකල අතර ගුරුවරයා බඳවා ගන්න විට ප්‍රමිතිය වෙනස් කළේ ය.
මට තේරෙන ආකාරයට අපේ ගුණාත්මක අධ්‍යාපනය දුර්වල වූයේ මේ ගුරු වෘත්තියට පුද්ගලයින් බඳවා ගැණිමේ ක්‍රමවේදය ඉතාම පහළ තත්වයකට ඇද දැමීම සමග ය. මට පෙර කථා කළ දේශකයා කියූ කාරණව පිළිබඳව නම් මට ඇත්තේ වෙනත් අදහසකි. පාසැල් වල භෞතික පහසුකම් ගැන කථා කිරීමේ දී මහජන බැංකුව එතරම් ගැපෙන උදාහරණයක් නොවේ. මහජන බැංකුව තිබුණේ ඉතාම නරක තත්ත්වයක ය. මහජන බැංකුව දියුණු කළේ පෞද්ගලික බැංක පැමිණියාට පසුව ය. පෞද්ගලික බැංකු පැමිණියාට පසු කළ දේ තමයි බැංකුවල ආදායම විමධ්‍යගත කළා, බැංකුවේ ආදායම අනුව බැංකුව භෞතික වශයෙන් සංවර්ධනය කරගන්නට අවසර දුන්නේ ය. එහෙම නැති නම් මහජන බැංකුව වැසි යන්නට ඉඩ තිබුණි. ලංකා බැංකුවත් එසේම ය. රාජ්‍ය බැංකුවල අද තිබෙන තාක්ෂණික දේවල් සියල්ලම සම්පත් බැංකුවට ආවාට පසුව තමයි පැමිණියේ.
භෞතික දියුණුව කියන එක එක්තරා ආකාරයට අවශ්‍ය ය. මම මෙතන දී ඇසුවොත් ලංකාවේ තිබෙන පාසැල් වලින් ඉහළම භෞතික පහසුකම් තිබෙන පාසල කුමක් ද යන්න. ඒ පාසැල කුමක් ද? යම් අයෙක් රාජකිය හෝ විශාකා විද්‍යාලය යැයි කිමට ඉඩ තිබේ. අද භෞතික පහසුකම් උපරිම මට්ටමෙන් තිබෙන පාසැල වන්නේ ආරක්ෂක පාසැල ය. එම පංති කාමරයට ගිහාම බිම සම්පූර්ණයෙන්ම ටයිල් අල්ලලා තිබෙන්නේ. ඉතාමත් ම නවින තාක්ෂණය සහිත ශබ්ද විකාශණ පද්දතියක ඇත. ආපක ශාලාවට ගියහොත් ඒක හිල්ටන් එක වගේ ය. අධ්‍යාපනඥයින් නොකරන වැඬේ කියන්නේ ඒ පාසැලට බඳවාගන්නේ හමුදාවේ අයගේ ළමුන් ය. මෙතන අධ්‍යාපනයේ මූල ධර්මයම උල්ලංඝණය කර ඇත. හමුදා පවුල් වල ලමුන් බඳවා ගන්න විට හමුදාවේ තිබෙන ප්‍රශ්නය උඩ අර බ්‍රිගේඩ්‍රියර්ලාගේ ළමුන් මේකට දමන්නේ නැත. එවිට අර පහළ නිලයන්ගේ ළමුන්ට එකට පංතියේ සිටිමට සිදුවේ. අධ්‍යාපනය ගැන අබමල් රේණුවක හැගීමක් නැතිවයි මෙසේ කරන්නේ. ඒ නිසා භෞතික වශයෙන් දියුණු කිරීම කියන එක එකම විසඳුම නොවේ. මමත් කැමතියි ලංකාවේ සියලුම පාසැල් එක මට්ටමේ භෞතික දියුණුවක තිබෙනවා දකින්නට.
එයට වඩා ලමයාට ඒ ශිෂ්‍ය ප්‍රජාව ඇතුලෙන්ම අන්තර් පෝෂණයක් ලැබිය යුතු ය. ඔය පාසැලේ දෙමාපියන්ට කථා කරන්නට රැස්වීමකට මම ගියෙමි. එක එක දේවලට මේ විදුහල්පතිවරයාට ඒ අම්මලා රැස්වීම පටන් ගන්නට පෙර බැන්න ආකාරය පුදුම සහගත ය. ඒ රැස්විම අවසානයේ කරන්නට නොහැකි විය. විදුහල්පතිවරයා අන්තිමේ දි ඇඬුවේ ය. ඒ දෙමාපියන්ගේ ද තිබුණේ හමුදා මානසිකත්වය කි. පාසැල අන්තිම ඉහළම මට්ටමකින් තිබුන නමුත් මේ තත්ත්වය ඉතා ඛේදවාචකයකි.
අනික් කාරනව තමයි දැන් ගුරුවරයා කියන චරිතය දිහා බැලුවොත් ගුරු විද්‍යාලයේ ප්‍රධානියා බවට එදා පත්වූයේ මුනිදාස කුමාරතුංග වැනි අයවේ. ඒක එක්තරා ව්‍යාතිරේකයකි. නමුත් අපි අරගෙන බැලුවොත් ලංකාවේ ප්‍රධාන පාසැල්වල සිටි විදුහල්පතිවරු දෙස. උදාහරණයකට ඊ. ඩබ්ලියු අධිකාරම් සිටියේ කොහේ ද? ප්‍රධාන පෙලේ වැදගත් චරිත මෙන්ම වැදගත් පොතපත ලියා ඇත්තේ බහුතරයක් ගුරුවරු සහ විදුහල්පතිවරුය. අපේ ඥාන සම්භාරයට බොහෝ දේ එකතු කළ පුද්ගලයෝ ය. ඒ පිළිබඳ මගේ අදහස නම් ජාතික අධ්‍යාපන ආයතනෙන් මහා විශාල හානියක් ලංකාවේ අධ්‍යපනයට සිදුවූවා කියන අදහසෙයි මම ඉන්නේ. ඒ හානියේ එක් දෙයක් තමයි ඔය ගුරු අත්පොත් ලියැවිල්ල. මම කල්පනා කරන්නේ ගුරුවරයා කියන පුද්ගලයාට වඩා යහපත් දරුවෙකු වෙනුවෙන් යමක් කරන්නට අවකාශයක් තිබුණා නම් ඔය ගුරු අත්පොත නිසා ඒක නැතිවිය. අපිට ඒ කාලයේ ඉගැන් වූ ගුරුවරුන්ගේ ගෙවල්වලට ගොස් බැලුවොත් විශාල පොත් රාක්ක දැකගත හැකි විය. ඒ අය හරියට පොත්පත් කියවති. ඒ කාලයේ ගුරුවරුන්ට කවදාකවත් ගුරු අත්පොත් කියා ජාතියක් තිබුණේ නැත. ඒ අයට විෂය නිර්දේශයක් තිබුන අතර ඒ විෂය නිර්දේශය, ඒ පොත් පත් කියවා, පෝෂණය වි පැමිණ ඉතා හොඳින් ඉගැන් වූ හ. එතකොට ගුරුවරයාට ඒ වෘත්තිය පිළිබඳ යම් කිසි කැපවීමක් හා වගකීමක් තිබුණි. දැන් අද අච්චු කැවුම් වගේ ඒ ඒ දෙවල් හදා තිබේ. මම එක අවස්ථාවක ගියා ඔය රස වින්දනය ගැන සිංහළ අත්පොත හදන වෙලාවේ. ඒකේ එක පාඩමක් තිබෙනවා ළමයින් තුළ නිර්මානාත්මක චින්තනය ඇතිකිරීම කියලා. ඒකේ ළමයින් තුළ නිර්මානාත්මක හැගීම් ඇති වන්නට සුදුසු ස්ථානයකට ළමයින් කැදවාගෙන යන්නට කියලා තිබේ. ළමයින්ට කවි සිතුවිලි පහල කරගැනීමට උපදෙස් දිම. වගේ කරුනු 5ක් එම අත්පොතේ තිබුණි. මේක හරි කුණුහරපයකි. ඒ වැනි දේ ඔය ගුරු අත්පොත් වල තිබේ.
මේක ඉතාමක් විකාර වැඩකි. අනික් කාරණාව විෂය නිර්දේශය සංශෝධනය කරන්නට ඕනේ ය කියන විට විශාල ප්‍රශ්නයක් මතුවිය. එනම් තිබෙන දේවල් සම්බන්ධයෙන් එක එක පලාත් වලින් එන ගුරුවරු කිව්වා මේකේ තිබෙන කවි වලින් ළමයින්ට රස වින්දනය ඉගැන්විය නොහැකි බව. ඊට පසු කවි සංස්කරණයක් සකස් කළේ ය. සකස් කලාට පසු ලොකු ප්‍රශ්නයක් මතු කළා, මක්නිසා ද යත් එවිට සිටි අධ්‍යපන අධන්‍ක්ෂ උඩගම තවත් ප්‍රශ්නයක් මතු කළේ ය. ඒ ප්‍රශ්නය නිරාකරනය කළේ දැනට ජිවතුන් අතර සිටින සියල්ලන්ගේ කවි ඉවත් කිරීමෙනි. මැරුණු අයගේ කවි පමණක් දාන්නට යැයි පැවසීය. රිචඞ් පතිරණ මැතිතුමාට කවියෝ තිදෙනෙක් තමන්ගේ කවි නැති බව පවසා ලිපියක් දැමිම මෙයට හේතු වි තිබින. ඒකට විසඳුම වූයේ ඉන්න අයගේ කවි නොදා මැරුණු අයගේ කවි දැමීම ය. ඉතින් කොහොමද අධ්‍යාපනය ගුණාත්මක වන්නේ. අධ්‍යාපනඥයෝ නොවෙයි ඒකේ මූලික දේවල් කළේ. යම් යම් තනතුරු දරන පුදගලයින්ගේ භාර්යාවන් තමයි පාසැල්වල සිටි අසාර්ථක ගුරුවරියෝ. ඒ අය හොඳ ලක්ෂණට සැරසී වාහනයෙන් පැමිින බසින අයවේ. ඒ වගේ අය හරිම යහපත් ය. රැස්වීම වලට කේක් මෙන්ම පැටිස් අරන් එන්නේ ඒ අය ය. නමුත් ඒ අයට මේ ලෝකේ දෙයක් කරන්නට නොහැකිය. ඒ අය පොත් එහෙම කියවන අය නොවේ. ඒ අය තමයි මේ ගුණාත්මක අධ්‍යාපනය කියන එක විනාශ කිරීමට මුලික වශයෙන් කටයුතු කළේ. ඒ නිසා පළවෙනි දේ තමයි අපි මොනවාද ළමයින්ට උගන්වන්නේ විචාරශිලි ළමයෙකු බිහිකරන්නට. දැන් අපේ මේ ආකෘතිය තුළ මම ලංකාදීප පත්තරය ගත්තාම පෙරලා බලන පිටුවක් තිබේ. ඒ පිටුවේ තිබෙන දැන්වීම් තමයි හදි හූනියම්, නීච ගුරුකම්, රොඩි කුළයේ ගුරුකම්, යනාදිය. මා ලංකාදීපයෙන් දැනගත් ආකාරයට එක දැන්විමකට රුපියල් 80000ක් ගෙවති. හැමදාම පලකරනවා කියන්නේ මේවාට කුමන තරමේ ආදායමක් ලැබෙන්නට අවශ්‍ය ද?
ගිය ඉරිදා ලංකාදීප පත්තරේ අමුතු දැන්විමක් තිබුණි. ස්වාමි පුරුෂයා ගේ කාර්යාලයේ අනියම් බිරිඳට දඩුවම් යනුවෙන් එහි තිබුණි. එතකොට මොකද්ද මේ සමාජය. අපි මේ සමාජයට බිහිකර තිබෙන පුද්ගලයින්ගේ විචාරශිලි මට්ටම කුමක් ද? පසුගිය කාලයේ ඇති වූ රූපවාහිණි නාලිකාවල තියෙන සංවාද අරගෙන බලන්න. ඒවාට ඇවිත් තිබෙන පුද්ගලයෝ සිටිති. භාෂා ශාස්ත්‍රය දන්න, උපාධි තියෙන යම් යම් අය. සමහර පුද්ගලයෝ යම් යම් ප්‍රශ්න වල දි කථා කරණ්නේ අර ගෝත්‍රික මානසිකත්වයෙනි. බලාගෙන සිටින විට ඇත්ත වශයෙන්ම මට බියක් දැනේ. එහෙම මානසික තත්ත්වය ඇති පුදගලයින් බිහිවූයේ කෙසේ ද? ඔවුන්ට සහතික තිබේ. එවිට ගුණාත්මක අධයාපනය කියන එක අවශ්‍ය වෙන්නේ විචාරශීලි පුරවැසියෙක් නිර්මානය කිරීමට නම් කුමාරතුංග කියා තිබෙන ආකාරයට තමාට වරදක් කර නොගන්නා, අනුන්ට වරදක් නොකරන පුදගලයෙකු බිහිකළ යුතුය. එහෙම පුද්ගලයෙකු බිහිකරන්නට කම් පලවෙනි දේ තමයි ඒ දරුවන්ට උගන්වන පුද්ගලයා ඇතුලේ හොඳ ශික්ෂණයක් හා දැණුමක් තිබිය යුතු වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *