|

අලුත් බදු නිසා පොලී අනුපාත පහළට ; ආර් ථිකයට යහපත් – ආර් ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ

 

ආණ්ඩුව ගැසට් කර ඇති නව බදු ක්‍රමය පීඩාකාරී ලෙස පෙනී ගියත්, එය ක්‍රියාත්මක කළ පසුව බැංකු පොලී අනුපාත ක්‍රමානුකුලව අඩුවීමෙන් ආර් ථිකයට වඩා යහපත් තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ලංකා බිස්නස් ටී වී හි ආර් ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.

මෙම බදු මගින් රජයේ ආදායම් වැඩි කරගත් විට ආණ්ඩුවේ ණය ගැනීම් අඩුවීම නිසා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා ගෙවන ඉහළ පොලී අනුපාත පහළ වැටෙන බවත්, එමගින් බැංකු පොලී ද පහළ යනු ඇති බවත්, ඒ මහතා කියයි.

ව්‍යාපාර කටයුතු සඳහා ණය ලබා ගැනීමේ දී බැංකු මගින් අයකරන පොලී අනුපාත අඩු වීම ව්‍යාපාරික කටයුතු සඳහා වාසිදායක තත්ත්වයකි. ඒ අනුව මෙම බදු ආර් ථිකයට යහපත් වන බව ලංකා බිස්නස් ටී වී මගින් විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් කොවිලගොඩගේ මහතා කියයි.

ආයෝජන වැඩිවීමක් සහ දේපළ වෙළඳාමේ වර්ධනයක් මේ සමග අපේක්ෂා කළ හැකි බව ඒ මහතා වැඩි දුරටත් කියයි.

දැනට පවතින ඉහළ බැංකු පොලී ඉදිරි කාලයේ පහළ වැටීමට නියමිත බැවින්, වත්මන් පොලී අනුපාත යටතේ දිගු කාලීන තැන්පතු සඳහා ආයෝජනය ලාභදායී වියහැකි බව ද කොවිලගොඩගේ මහතාගේ අදහස යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *