|

පක්ෂයට ඡන්දය නොදුන්නත් පින් තකා වැඩ කරන බව වජිර කියයි !

 

” පක්ෂයට ඡන්දය දුන්නා කියාගෙන එන්න එපා ; මම මේ වැඩේ පින් තකා කරලා දෙන්නම් ” යන්න එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ උදව් ඉල්ලා පැමිණෙන හිටපු එජා පාක්ෂිකයන්ට ඒ මහතා ප්‍රකාශ කරන බව සිරිකොත එජාප මුලස්ථානයේ ආරංචි මාර් ග කියයි.

මෙලෙස පැමිණෙන බොහෝ දෙනා පසුගිය මැතිවරණයේ දී වජිර අබේවර්ධන මහතාට සහය නොදුන් උදවිය බවත්, ඔවුන් දැන් විවිධ උදව් ඉල්ලගෙන වැල නොකැඩී පැමිණෙන බවත් කියති. මෙලෙස පැමීනෙන චන්ද දායකයින් හමුවීමට බදාදා දිනවල මහජන හමුවක් සිරිකොත මුලස්ථානයේ පැවැත්වීමට වජිර අබේවර්ධන මහතා කටයුතු කොට ඇත.

“මම දස දහස් ගානකට රස්සා හොයා දුන්නා, ළමයි හාර දාහකට වඩා ඉස්කොලවලට දාලා දුන්නා. දිස්ත්‍රික්කයේ ඒජී කාර්යාල 36 ටම අලුත් ගොඩනැගිලි හදා දුන්නා. පාලම් තුන්සිය පනහක් හැදුවා. මගෙන් උදව් ගත් අය ඡන්දෙට මම ගමට එනකොට හැංගුනා ” යි වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

තමන් පැරණි එජා පාක්ෂිකයින් බව කියාගෙන එන ඇතැමුන්ට අබේවර්ධන මහතා කියන්නේ ” එහෙනම් ඉතින් බණ්ඩාරනායක මහත්තයාත් යු ඇන් පී කියන්න වෙනවා ” යනුවෙනි.

“යු ඇන් පී කියාගෙන එන්න එපා . මම ඔයාගේ වැඩේ පින් තකා කරලා දෙන්නම් ” අබේවර්ධන මහතා කියයි.

” යු ඇන් පී කාරයින්ට ෂෙඩ් ලඟට වෙලා හිඟා කන්න වුණේ මටයි, රනිල්ටයි කළ අසාධාරණය නිසයි. මේක මම ඔයාලට කියන්නේ හමුවෙන අනික් අයටත් කියාගෙන යන්නයි ” යනුවෙන් වජිර අබේවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, තමන්ට උදව් කළ උදවිය පැමිණි විට ඒ මහතා ඔවුන් අගය කරන්නේ “මන් වෙනුවෙන් තනිවම සටන් කළ අය” යැයි කියමිනි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *