|

මේ බදු එපා කියන උදවිය පිළිතුරු දිය යුතු ප්‍රශ්න – ජයවීර සෙනෙවිරත්න

“වක්‍ර බදු එපා ! ඍජු බදු පනවන්න !!” යන්න පසුගිය කාලයේ බොහෝ දෙනා කී කතාවකි. එමෙන් ම පොදු ජනයා පරිභෝජනය කරන අල , ලුණු , සීනි , කිරිපිටි වලින් බදු ගන්නේ නැතිව ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කළ යුතු බව ද , විපක්ෂය සහ වාමාංශිකයින් දිගට ම කී කතාවකි. එමෙන් ම මෙරට ජනයාගෙන් හරි අඩකට වැඩි පිරිසක් යන්තම් ජීවත්වීමට අවශ්‍ය රුපියල් පනස් දහසක වත් ආදායමක් නොලබන බව ද ඒ සමග ම කී කතාවකි.

දැන් ආණ්ඩුව කර තිබෙන්නේ ඇති හැකි අයට බදු ගැසීමයි . ඒ ලබන ආදායමේ ප්‍රමාණය අනුව වැඩි වන බද්දකි . දැන් විපක්ෂය කියන්නේ ජනතාවට දරාගන්න බැරි තරමේ බදු පනවා ඇති බව යි.

පළමුවෙන් පෙනෙන්නේ මාසිකව රුපියල් ලක්ෂයකට අඩු ආදායමක් ලබන කිසිවකුට බදු පනවා නැති බව යි . දැන් විපක්ෂය කියන්නේ මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ලබන විශාල ජනතාවක් මේ රටේ සිටින බව ද ? එසේ නම් මෙරට ජනයාගෙන් අඩකට වැඩි පිරිසක් රුපියල් පනස් දහසක වත් ආදායමක් නොලබන බවට මෙතෙක් කීවේ බොරුවක් බව විපක්ෂය දැන් කියනවා ද?

රුපියල් ලක්ෂයට වැඩි ආදායම් ලබන අයට ද මුල් කාණ්ඩයේ ගෙවන්නට තිබෙන්නේ වැඩිවන ප්‍රමාණයට සියයට හයකි. එක් ලක්ෂ හතලිස් දහසක් ආදායම් ලබන්නේ නම් බදු ගෙවිය යුත්තේ රුපියල් දළ වශයෙන් රුපියල් හාර දහසක පමණ මුදලකි. ආදායම වැඩි වන විට ගෙවිය යුතු බදු මුදල ද වැඩි වෙයි. මසකට ලක්ෂ දෙකක් ආදායම් ලබන අයෙකුට ගෙවන්න වන මුදල රුපියල් පහළොස් දහසක් පමණ වන බව පෙනෙන්නට තිබේ. විපක්ෂය කිව යුතු වන්නේ මෙතරම් ආදායම් ලබන පිරිස මෙරට සාමාන්‍ය ජනතාව ද ? නැතහොත් බදු ගෙවිය හැකි පිරිසක් ද ? යන්න යි.

රජය පනවා ඇත්තේ සියයට 6 සිට සියයට 36 දක්වා වැඩි වන බදු අනුපාතිකයකි. අප දන්නා තරමින් ඍජු බදු කියන්නේ මේවාට ය. සාමාන්‍ය ජනයා බේරා ඇති හැකි අයගෙන් බදු ගන්නවා කියන්නේ මේකට ය. විපක්ෂය දැන් කියන්නේ මේ වැඩේ නවතා සීනි , කිරිපිටි ටිකෙන් බදු අය කළ යුතු බව ද ? නැතහොත් මුදල් නෝට්ටු මුද්‍රණය කොට නැවතත් රට අමාරුවේ දමන්නට ද ?

ව්‍යාපාරික සමාගම්වලට පනවා ඇති බද්ද නිසා ඒවා කඩා වැටෙන බවට ද මැසිවිලි නගන බව පෙනේ. නමුත් නොකියන කතාව නම් බදු පනවා ඇත්තේ ලාභයට බවයි. බදු මුදල සියයට තිහකි. ඒ කියන්නේ කෝටියක් ලාභ ලැබුවොත් ලක්ෂ තිහක් බදු ගෙවිය යුතු බව යි. ලාභයක් නැතිනම් බද්දක් ද නැත. ඒ අපට තේරෙන කතාව යි. ලබන ලාභයට බදු පැන වූ විට ආයතන කඩා වැටෙන හැටි අපට කවුරුන් හෝ කියාදිය යුතු ය. අප දන්නා තරමින් ලාභය යනු සියලු වියදම් පියවා අතට වැඩිපුර ලැබෙන මුදලකි. එයටත් බදු පනවන්නට එපා නම් ඇති හැකි අයට බදු ගහන ක්‍රමය කුමක් ද?

මෙරට සමෘධි ලාභී පවුල් ලක්ෂ 20 ක් පමණ පිරිසට මෙම බදු ගෙවන්න වන්නේ නැත. ඔවුන්ට මෙහෙම ආදායම් නැත. වතු කම්කරුවන්ට හෝ ගොවි ජනයාට ද මේ බදු ගෙවන්න වන්නේ නැත. ලක්ෂ 16 කට වැඩි රජයේ සේවකයින් බද්දෙන් නිදහස් ය.

මෙරට සමෘධි ලාභී පවුල් ලක්ෂ 20 ක් පමණ පිරිසට මෙම බදු ගෙවන්න වන්නේ නැත. ඔවුන්ට මෙහෙම ආදායම් නැත. වතු කම්කරුවන්ට හෝ ගොවි ජනයාට ද මේ බදු ගෙවන්න වන්නේ නැත. ලක්ෂ 16 කට වැඩි රජයේ සේවකයින් බද්දෙන් නිදහස් ය.

මෙහෙම බදු නොගසා සීනි ,කිරිපිටි වලින් බදු ගත්තොත් ඒ සියලු දෙනාට බදු බර පැටවෙනු ඇත.

නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, රාජ්‍ය සේවය ආදී සියල්ල පවත්වාගෙන යන්නේ ජනතාවගේ බදු මුදලින් බව අමතක කළ නොහැකි ය. සහනාධාර දෙන්නට ද බදු අවශ්‍යය. බදුවලට විරුද්ධ උදවිය මේ සේවා පවත්වාගෙන යන ක්‍රමයක් කියා දිය යුතු ය. නැතිනම් සියල්ල බොරු ඝෝෂා පමණකි.

ජයවීර සෙනෙවිරත්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *